වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව නෝර්වුඩ් ප්රදේශයේ වතුකම්කරුවන් (16) දින පස්වරුවේ පොල් ගෙඩි 108ක් පොළවේ ගසා සිය විරෝධය දක්වමින් උද්ගෝෂණයක නිරත විය.
උද්ගෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ගෝෂණ සහ වැඩ වර්ජන කරමින් තම වැටුප වැඩි කර ලබා නොගත් බවත්, ඉතිහාසයේ පළමු වතාවට වැඩ වර්ජන හෝ උද්ගෝෂණ නොකරමින් එක්වර රු.400ක වැටුපක් ලබා දීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කල බවයි.
විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලාඥයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක හදුනන්නේ නොමැති බවත්, තමන්ගේ දුක දන්නා පාලකයින්ට ඉදිරියෙදි තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.


