සෙල්ලකතරගම වල්ලි අම්මා කෝවිලේ නිදන් හෑරීමක්
රජයට සම්බන්ධ අන්තවාදී දේශපාලනඥයෙකු විසින් ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් සෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහා විහාරස්ථානයට අනුබද්ධ වල්ලිඅම්මා කෝවිලේ මහාපරිමාණ වශයෙන් නිධන් හාරමින් සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (10දා) පැවසූහ.
පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයක් ලෙස ගැසට් කර තිබෙන වල්ලිඅම්මා කෝවිලේ සිදුවන මෙම නිධන් ජාවාරම සම්බන්ධව කතරගම පොලිස් ස්ථානයට පැමිණිලි කළද, එම පැමිණිලි භාර නොගන්නා බවත්, මෙම ජාවාරම සම්බන්ධව නීතිඥවරුන් පිරිසක් විසින් තංගල්ල අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කළ විනිසුරුවරයා හේතුවක් නොදන්වා හදිසියේ ස්ථාන මාරු කර තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, පුරාවිද්‍යා විෂය භාර ඇමතිවරයාගේ සහ නීතිය හා සාමය භාර ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය යුතු බවද එහිමියෝ ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ, මෙම නිධන් මංකොල්ලය මහාපරිමාණ වශයෙන් සිංහල බෞද්ධ උරුමය විනාශ කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින අන්තවාදී කණ්ඩායමක තවත් විනාශයක් බවයි.
ඡායාරූප ශමීර රාජපක්ෂ


popular news
-
Champa Thursday, 11 October 2018 08:46 AM
පුදුම වැඩේ කියන්නේ පුරා විද්‍යා සංරක්ෂිත ස්ථාන විදිහට ගැසට් කරපු තැනම තමයි විනාශ කරන්නේ. බලාගෙන ගිහාම මුළු රට පුරාම සංවිධානාත්මක විදිහට සිංහල බෞද්ධ උරුමයන් විනාශ කරනවා. හරි නම් මේවා ගැන පැමිණිල්ලක් ගිහාම ඒ ස්ථාන සීල් තියන්න එපෑය. වහාම මේ නිදන් හෑරිල්ල නැවැත්විය යුතුයි. විජිතපුර බලකොටුව තිබ්බ තැන බුල්ඩෝසර්ම කරලා දාල තිබුන. අද වෙනතුරු කතාවක් නැහැ ඒ ගැන. උතරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු බුල්ඩෝසර් කළා. අද වෙනකම් කිසි කතාවක් නැහැ. කිසිම බයක් සැකක් නැතුව මේවා කරන්නේ ආණ්ඩුව නවත්තන්නේ නැහැ කියලා දන්නා නිසා. එක පාරට රට පුරා ආපහු නිදන් හෑරිල්ල පටන් අරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ප්‍රබල ඇමතියෙක් මේවා පිටිපස්සේ ඉන්නවා.
Reply : 0 0
rocky Thursday, 11 October 2018 02:53 PM
චම්පෝ, නිකම් නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා. විජිතපුර බලකොටුව තිබුන තැන හරියටම අඳුන ගෙන තියනවද? එක නිවැරදිව අඳුන ගත්තේ කවුද .. කවදද? ඔන්න ඔය වගේ අනන් මනං මෝඩ කතා හින්දයි, සාධාරණ පැමිණිල්ලකට වත් අවධානයක් නොලබන්නේ!
Reply : 0 0
Champa Saturday, 13 October 2018 01:37 PM
Rockey - ඕකට උත්තරේ ඉස්කෝලේ පහේ පන්තියට ගිය ළමයෙක්ගෙන් ඇහැව්වා නම් කියයි. ඔතන පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් විදිහට නම් කරලා තිබුනේ 1925 තරම් ඈත කාලේ ඉංග්‍රීසි පාලකයන්. මිනිස්සු ඔතනට කියන්නේ බැලුම්ගල කියලා. එතන තිබ්බ ගල කුළුණු ඔක්කොම බුල්ඩෝසර් කරලා. මෝඩ වහල් ආණ්ඩුවේ ඇමතිවරු වගේම supporters ලත් ලංකා ඉතිහාසය දන්නේ නැහැ. නැත්නම් ඉතින් කියයිද උතුරේ සිංහල බෞද්ධ පුරා විද්‍යා වටිනාකම් තියෙන ස්ථාන මුකුත් විනාශ වෙන්නේ නැහැ කියල. මේවා ගැන වාර්තා පළවුණේ පින්තූරත් එක්ක. සාම්පුර් දාගැබ බුල්ඩෝසර් කළා. අද වෙනකම් කතාවක් නැහැ. පුදුම වෙන්න වැඩක් නැහැ කාලෙකට ඉස්සෙල්ල මෙරට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියපු ඇමති තමයි අද උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු වලට හානියක් නැහැ කියන්නෙත්. මේ වගේ හොරු නිදන් වස්තු හාරන එකයි, බෞද්ධ පුරාවස්තු විනාශ කරන එකයිගැන දැනුම් දෙන්න hotline එකක් දානවා කිව්වා ආණ්ඩුව මාස ගානකට ඉස්සෙල්ල. මම නම් දැක්කේ නැහැ. එහෙම තියෙනව නම් ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ජනතාවට දැනුම් දෙන්න. එතකොට මිනිස්සු කියයි.
Reply : 0 0
Raawana Friday, 12 October 2018 10:05 AM
පොලිසියට පෙරහරේ නටන්න කියල, ජනතාවට තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න මේවට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

