වෛද්‍ය උපකරණ රැගත් චීන ගුවන් යානය කටුනායකට එයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වසංගත රෝග තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා චීනය පරිත්‍යාග කළ කිලෝ ග්රැම් 8609 ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
මෙම වෛද්‍ය උපකරණ තොගය අතර අලි බබා නිර්මාතෘ මෙන්ම අලි බබා පදනමේ සභාපති ජැක් මා විසින් පරිත්‍යාග කළ පරීක්ෂණ කට්ටල (Test Kit) 20000ක්ද වෙයි.
චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන එම ගුවන් යානය රාත්‍රී 6.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.



මෙම ගුවන් යානය තුළ පරීක්ෂණ කට්ටල වලට අමතරව මුඛ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ ඇතුළු සිරුරු ආරක්ෂක උපකරණ මෙන්ම තවත් වෛද්‍ය උපකරණ ද තිබූ බව, මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යුස්ටස් සිල්වා මහතා පැවසීය.
මෙම වෛද්‍ය උපකරණ සියල්ල ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය වෙත භාර දීමට කටයුතු කළ බවද කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                