යුද හමුදාවේ සහල් යුද හමුදා සාමාජිකයන්ට සහන මිලට
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, 2019 ‘මහ’ කන්නයේ සහ 2020 ‘යල’ කන්නයේ දී ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන්වූ කුඹූරු සහ යුද්ධ හමුදා ගොවිපල වලට අයත් කුඹුරුවල ‘සුවඳැල්’ සහ ‘කළුහීනටි’ ආදී වී ප්රභේදයන් වපූරා පළිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කර නෙළාගත්තා වූ අස්වැන්න මෙලෙස යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම සිදුකෙරේ.
මෙලෙස නෙළාගත් විෂ රසායනික ද්‍රව්‍ය රහිත සහල් තොග ආරක්ෂක සේනා මූලස්ථාන, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානළුව, ජාවත්ත සහ වත්තල ප්‍රදේශයන්හී පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකක යටතේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක වෙළඳසැල්හි අලෙවි කරයි.




popular news
-
janahitha Thursday, 15 October 2020 10:22 AM
janathavatath laba denna mila prashanayk novevi danata vasa dama thi sirimavo bandaranayaka mathiniya kale idikala sahal gabada sahal mol hamudavata labadi navatha vaga sangramayak kaloth dugi duppath bava nathikala hakiya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

