නෙවිල් රෝහල රජයට පවරා ගන්නයි බලකරයි
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ශාඛාව විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (13දා) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
මෙම රෝහල රජයට පවරාගෙන සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙසත්, වැටුප් වැඩිකරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු රජය මීට පෙර ප්‍රකාශ කර තිබෙන බවත්, වසර දෙකක් තිස්සේ එම පොරොන්දුව ඉටුකර නොමැති බවත් ඔවුහු සඳහන් කළහ.
රජයෙන් නිසි විසඳුමක් නොලැබුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වන බවද විරෝධතාකරුවෝ අවධාරණය කළහ.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු





popular news
- 
                            
Champa Thursday, 13 June 2019 06:54 PM
නින්දෙන් ඇහැරලා වගේ දැන් මේක ආපහු කරලියට ගේන්නේ රටේ ජනතාවගේ ඇස සැබෑ ප්‍රශ්න වලින් අහකට ගන්න. විමල්ගේ NFF ඇර ඒකාබද්ධ විපක්ෂේ අනිත් හැමෝම සහයෝගය දුන්නු රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ගේනකම් GMOA එක එක විරෝධතා කළා. හැබැයි 2017 නොවැම්බර 2 අන්තිමට කමිටු වාර්තා 6 පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ GMOA එකේ විරෝධතා ටිකත් මැජික් එකකින් වගේ නැවතුනා. රනිල් නැති රාජ්‍ය බලයක් අරගෙන ඇමරිකන් හමුදා කඳවුරක් හදන්න රටේ ඉඩම් ටික දීල, රට ඇතුලේ වෙනත් හමුදාවකට පාලනය කරන්න බලතල දෙන ගිවිසුම් අත්සන් කරලා ඉවර වෙනකම් මේ වගේ තව තව විරෝධතා තියෙයි.
Reply : 0 0
Kumar Thursday, 13 June 2019 08:59 PM
මෙම රෝහල රජයගත්තොත් සේවය තවත් පහලට වැටෙනව. පින්පඩිකාරයෝ තවත් වැඩිවෙනවා.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                