දෙවන දිය යට කෞතුකාගාරය ත්‍රිකුණාමලයේදී විවෘත කෙරේ.
නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10දා) ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.
නාවික හමුදාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිකුණාමලය මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි. විශේෂයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් ත්‍රිකුණාමලය සැන්ඩි බේ වෙරළ කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකරන ලදි.
මෙම දියයට කෞතුකාගාරය තුල ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා පුද්ගලයන් විසින් සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇති අතර ඒ සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් අනුග්‍රහය ලබා දෙන ලදි.
එසේම කාලයාගේ ඇවෑමෙන් මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණයවී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇත. මෙම දිය යට කෞතුකාගාරය ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු ප්‍රදේශයේ අඩි 60ක් පමණ ගැඹුරට වන්නට අඩි 150ක දිගකින් සහ අඩි 85ක පළලකින් පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් කොරල් පර නැවත වර්ධනය කර ගැනීම මෙන්ම මත්ස්‍ය සම්පත වර්ධනය කර ගැනීම අපේක්ෂා කෙරේ. තවද මේ වන විටත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව මත්ස්‍ය අභිජනණය ආරම්භ වී ඇති අතර ඉතා නුදුරු කාලයකදී සංචාරකයින් හට මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව හිමි වනු ඇත.
මෙම ව්‍යපෘතිය ආරම්භ කිරීමෙන් පසු එහි මූලික අවධිය තුල මෙම ප්‍රදේශයේ මසුන් මැරීම සදහා ධීවර ප්‍රජාව කටයුතු නොකළ යුතු අතර, ආශ්රිත ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනණය වර්ධනය වූ පසු එහි උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවෙනු ඇත.
මෙම කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය ප්‍රවීණ කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් සිදු කරන ලදී.




popular news
-
Hitan part-2 Sunday, 12 July 2020 08:25 AM
rajya sewakayinta padi gewanna, OT gewanna sallinaha. Pension giya ayata pension gewanna salli naha. Pension giya awage wadi una mulala denna salli naha. Eth mewage "athyawashya" viyadam sadaha mudal mulya paripalana balathala nathiwa wiyadam kireemata nirbithawa kapa una "wada bari Viruwata" apage uththmacharaya.. . .. We reapect you hutan-part2...
Reply : 0 1
rocky Sunday, 12 July 2020 03:46 PM
ochcharayi, aduwata thibune! ammapaa munta pissuda .. ehema nath nam apita pissuda?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

