ජනපති අගමැති එක්ව රජයට අයිති උසම ගොඩනැගිල්ල විවෘත කරයි
රටේ ශ්‍රම බලකායට විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ "මෙහෙවර පියස” ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (20දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.
කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථානගත කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ද, මහල් 05කින් යුත් රථ ගාලක් මෙන්ම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් ද කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඇතුලු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






popular news
-
hemantha alahakoon Tuesday, 20 August 2019 06:29 PM
නො සිනහා... නො කතා ...මුහුණ එල්ලාගෙන හරි නැහැ .ඔහොමද තැනක ගිහින් හැසිරෙන්නේ.ගමයෙක්ම තමා එයා.අගමැති ගේ සිහින් සිනාව හරි ලස්සනයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

