ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
යෝජිත අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් පුත්තලම හා අවට ප්‍ර‘දේශවල පරිසරයට හා මහජනතාවට බලපෑම් එල්ල වන බැවින් එය නවතා දමන ලෙස ඉල්ලා අද (19දා) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.
මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයෝ, අරුවක්කාලු ප්‍රදේශවාසීහු හා 'Clean Puttalam' නමැති සංවිධානයක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ බැඳිවැව දියසෙන හිමියන් අවධාරණය කළේ ජාත්‍යන්තර පරිසර නීතිරීති උල්ලංඝනය කරමින් සහ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සකස් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
යෝජිත ව්‍යාපෘතිය, පුත්තලම කලපුවේ සිට මීටර් 175ක දුරින් ඉදිකිරීමට නියමිත බවත්, මේ නිසා කලපුව ඇතුළු අවට ජල මූලාශ්‍ර දූෂණය වන බවත් එහිමියෝ පැවසූහ.
මීට අමතරව මෙම ව්‍යාපෘතිය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත කලාපයට සීමාවී තිබෙන බවත්, මීටර් 400ක දුරින් ධීවර ගම්මානය පිහිටුවා තිබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇතිවන බැවින් මෙම ව්‍යාපෘතිය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවත්, ඒ පිළිබඳ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අද (19දා) ජනාධිපති ලේකම් කාර්යාලයට ගියද, ලේකම්වරයා හමුනොවූ බවත් දියසෙන හිමියෝ පැවසූහ.
එබැවින් සහකාර ලේකම්වරියක සමග සාකච්ඡා කළ බවත්, මේ මස 22 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුත්තලම ප්‍ර‘දේශයේ සංචාරයක නිරත වන බවට වාර්තා වන බවත් පැවසූ උන්වහන්සේ, එදිනට සුබවාදී පිළිතුරක් බලාපොරොත්තු වන බවද අවධාරණය කළහ.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd