ආදිවාසී සාම්ප්‍රදායික මී පැණි පූජාව පවත්වයි
දඹානේ ආදීවාසි ජනතාව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව සඳහා පුරාණයේ සිට සිදුකරගෙන එන චාරිත්‍රයක් ඉටු කරමින් අද (30දා) ප්‍රථම රන්දෝලි පෙරහැර දිනයේ සාම්ප්‍රදායික මී පැණි පූජාව දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ කුටියේ දී සිදුකෙරුණි.
ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ සිදුකෙරෙන මෙම මී පැණි පූජාව පුරාණ රජ සමයේ සිට සිදුකරගෙන එන සාම්ප්‍රදායික පූජාවකි. මෙම පූජාව මගින් රටට සෞභාග්‍යය උදාවීම අපේක්ෂා කරයි.
මී පැණි පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ආදිවාසි නායක ආදිවාසී නායක ඌරු වර්ගය වන්නිල ඇත්තෝ සඳහන් කර සිටියේ මෙම මීපැණි පූජාව සිදු කිරීම සඳහා පිරිසිදු මී පැණි සොයා ගැනීම මේ වන තුරුත් බාධාවක් නොවූවද ඉදිරියේදී එම කටයුතු කිරීම ඉතාමත් අසීරු වනු ඇති බවයි.
මේ වන විටත් ඉවක් බවක් නොමැතිව සිදුකරන වනාන්තර විනාශය අසීමාන්තික කෘමිනාශක භාවිතය හා වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසර විනාශය නිසා මී මැස්සන් වඳ වී යාමේ තර්ජනයක් උද්ගතව පවතින බවත් මී මැස්සන් වඳ වීම යනු මිනිස් සංහතියේ ද වඳ වීම බවත් එහිදී ආදිවාසි නායක වන්නිල ඇත්තෝ මාධ්‍ය සමඟ පැවසීය .
මේ වන විට ලෝකය පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වැනි භයානක රෝග සඳහා මූලික වන්නේ ද පරිසර විනාශය බව එහිදී ආදිවාසී නායකයා අවධාරණය කළේය .
මී පැණි පූජාව සඳහා ආදිවාසී නායකයා සමග ආදිවාසී ජනතාව නියෝජනය කරමින් ආදිවාසීන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද සහභාගි වූ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියහ.
ෂේන් සෙනෙවිරත්න


popular news
-
Kumar Monday, 03 August 2020 01:08 AM
No amount of bees honey can eliminate the pandemic other than following the recommendations of the medical professionals. I am sure diyawadana nilame and his staff will enjoy the gift.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

