saravita-anim2

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි මස 11 වන බදාදා

Technology - timelapse 3 hours ago

LATEST

2019.08.02ට පෙර ගත් සිම් නැවත ලියාපදිංචි කරයි

calendar_today 2026 පෙබ 10 - 16:56 remove_red_eye - 394  

ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරිමට හා 2019/08/02ට පෙර ලියාපදිංචි කර ඇති සිම් කාඩ්පත් වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙහිදි විශේෂයෙන් අවුරුදු 16-17 අතර ග්‍රාහකයින් මෙන්ම මෙරට පැමිණෙන විදේශිකයන්ට සිම්කාඩ් පත් නිකුත් කිරීමට අදාල විධිව

විදුලි වාහන (EV) සඳහා සැඟවුණු දොර හැන්ඩ්ල් තහනම් කිරීමට චීනය නීතිගෙනවිත් තිබේ. එලොන් මස්ක්ගේ ටෙස්ලා විසින් ප්‍රථම වරට ජනප්‍රිය කරන ලද මතභේදාත්මක මෙම සැඟවුණ දොර හැන්ඩ්ල් මෝස්තරය තහනම් කළ පළම රට බවට මේ අනුව චීනය පත්වෙයි. මෙය සිදුවන්නේ චීනයේ Xiaomi EV සම්බන්ධ මාරාන්තික අනතුරු දෙකක් ඇතුළුව මාරාන්තික සිදුවීම් මාලාවකින් පසු ලොව පුරා ආරක්ෂක නිරීක්ෂකයින්ගේ පරීක්ෂාවට මෙම සැගවුණ දොර හැන්ඩ්ල් ලක්ව තිබෙන අතරතුර චීනය මෙම තීරණය ගෙන තිබේ. එහිදී විදුලි බිඳව

Read More

අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට (ශ්‍රී ලංකා CERT) 2025 දී පැමිණිලි 12650 කට වඩා ලැබී තිබේ. මෙය පෙර වසර හා සසඳන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව එම ආයතනය සදහන් කර සිටී.

Read More

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

Read More

අපසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය. මෙවර එම සමුළුවේ තේමාව වන්නේ “ශ්‍රි ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරිම” යන්නයි.

Read More

ටෙස්ලා ප්‍රධානී එලොන් මස්ක්ගේ ඩොලර් ට්‍රිලියනයක වැටුප් පැකේජයට ටෙස්ටලාහි කොටස් හිමියන් විසින් අනුමතිය ලබා චී තිබේ. මෙම වැටුප් පැකේජය ඳසහා ටෙස්ලා හි 75% ක ඡන්ද ප්‍රතිශතයක් අනුමැතිය ලබාදී තිබේ.

Read More

චීනයේ පැවති 02 වන ’’ හික් ටෙක් ස්ටාර් ’’ - 2025 ( Hik Tech Star ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ලක්ෂිත ඇන්තනි එහි ආරක්ෂක කැමරා පද්ධති අනතුරු හැගවීමේ සංඥා පද්ධති, ගිනි ගැනීම් පිළිබද සංඥා පද්ධති පිළිබද නාට්‍යාණුසාරයෙන් කළ ඉදිරිපත් කිරීමට ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කමත්, තාක්ෂණික අංශයට හිමි ජනප්‍රියම සම්මානයත් හික් විෂන් ආයතනයේ ( Hik Vision ) ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති(Brand Embassoder ) ලෙසත් , සම්මාන ත්‍රිත්වයක් දිනා ගෙන 10/27

Read More

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට ඇතිවූ තාවකාලිකව බාධා වීම් තවදුරටත් පවතී.

Read More

මේ වන විට 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඔවුන් දෙදෙනා නිවුන් සහෝදරයන් වන අතර ඔවුන් දෙදෙනා විසින් ලංකාවේ අපට වඩා ලංකාව පිළිබඳ දන්නා AI තාක්ෂණයෙන් කතා කරන රොබෝ කෙනෙකු නිර්මාණය කිරීමට සමත් වී තිබීම නිසයි අද අප පවා මේ දරුවන් දෙදෙනා පිළිබඳ කතා කරන්නේ.මෙම රොබෝ සතුව විශේෂ හැකියාවක් පවතිනවා.එනම් අපි සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඉංග්‍රීසියෙන් අසනු ලබන ප්‍රශ්න වලට මෙම රොබෝ විසින් අංග චලනයන් හා මුඛය චලනය කරමින් අදාළ තොරතුරු පැවසීමයි.

Read More

ඉතා බලවත් පරිගණක නව පරම්පරාවකට මග පාදන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව කළ සේවාව අගයමින් භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවොරෙට් සහ ජෝන් එම්. මාර්ටිනිස් යන අයට හිමිව තිබේ.

Read More

2021 ජනවාරි මාසයේ එක්සත් ජනපද කැපිටල් කෝලාහලයෙන් පසු තම ගිණුම අත්හිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාගමට එරෙහිව ගොනු කළ නඩුවක් සමථයකට පත් කිරීම සඳහා ඇල්ෆබෙට් හිමිකාරීත්වය දරන යූ ටියුබ් සමාගම ඩොලර් මිලියන 24.5 ක් ගෙවීමට එකඟ වී ඇති බව සඳුදා අධිකරණ ගොනු කිරීමකින් පෙන්නුම් කෙරිණි.

Read More

අත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට හා තාක්ෂණික උපදේශකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ගල්ගමුව යාපහුව හා නිකවැරටිය මැතිවරණ කොට්ඨාසවල මේ දිනවල අලි මිනිස් ගැටුම උග්‍රව පවතී. එයට යම් විසඳුමක් ලෙස අඹන්පොළ අමණුගම තරුණයෙක් විසින් ජංගම යෙදුමක් නිර්මාණය කර තිබේ.එය’’ එලිෆන්ට් ජර්නි ’’ නමින් නම් කර ඇත.

Read More

කෘත්‍රිම බුද්ධි ජාත්‍යන්තර ආයතනය (Artificial Intelligence International Institute) මගින් සංවිධානය කෙරුණු World Artificial Intelligence Conference 2025 (WAIC) සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා චීනයේ ෂැන්ග්හයි නුවර ෂැන්ග්හයි වර්ල්ඩ් එක්ස්පෝ සෙන්ටර්හිදී පැවැත්වුණි.

Read More

ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් සඳහා දෙමව්පිය අධීක්ෂණ යෙදවුම සක්‍රිය කරන බව එම වැඩසටහන අයත් මෙටා සමාගම පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ මෙටා සමාගමෙහි නියෝජිතයන් අතර පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව මෙටා සමාගම මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28දා) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) 18% අයකිරීමට තීරණය කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.

Read More

’Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ඊලොන් මස්ක් සිය ’’X’’ ගිණුමෙහි සටහනත් තබමින් සඳහන් කර තිබේ.

Read More

ඉදිරි මාස පහ තුලදී 5G පහසුකම රටපුරාම ව්‍යාප්ත කිරිමට සැලසුම්කර ඇති බවත්, රට ඩිජිටල්කරනයෙන් පසු වැඩියෙන් වැරදි කළොත් රියදුරු බලපත්‍්‍්‍රය ඉබේ අහෝසිවනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේය.

Read More

වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කරමින් විශේෂ කැමරාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් නිපදවා තිබේ.

Read More

රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමිව සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධානයට ලක් කරමින් ඩිජිටල් ආර්ථික කටයුතු පිලිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසුරිය මහතාගේ මුලිකත්වයෙන් සාකච්චාවක් ශ්‍රී ලංකා සර්ට් ආයතනයේදී පැවැත්විණ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.

Read More

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා 22 හැවිරිදි තරුණියකට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද නිරුවත් ඡායාරූප යොමුකර ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර මහවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන ඒකකය කියයි.

Read More

පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.

Read More

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක් මහතාට අයත් චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමට එම සමාගමට අවශ්‍ය බලපත්‍රය ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More

2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹේ. එම සමුළු ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී ඇරඹිණ.

Read More

මධ්‍යම දකුණු කොරියාවේ නගර සභාවක කටයුතු සඳහා සහාය වූ රොබෝවරයකු දිවිනසාගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.

Read More

තම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ. Kantar’s BrandZ විසින් වාර්ශිකව මෙම ශ්‍රේණිගත කිරිම ප්‍රකාශයට පත්කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.