අත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට හා තාක්ෂණික උපදේශකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම රජය විසින් වසා දැමිමට තින්දුකොට ඇති සමාගමකි.
එකි විගණන වාර්තාවට අනුව මෙකි ව්‍යාපෘතිය සදහා අක්මිමන වලහන්දුව වත්ත,ඉඩමෙන් අක්කර 29 රුඩ් 03, පර්චස් 7.15ක පවරාගෙන තිබුණි. මෙකි ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන්නේ මාගා ඉංජිනියරින්ග් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය වේ.
දැනට ඉදිකොට ඇති ඉදිකිරිම් වෙනුවෙන් කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතු මුදල රුපියල් අනුපන්කෝටි,හයලක්ෂ, එක්දහස්නමසිය විසිහයකි. (950,601,926) . කොන්ත්‍රාත් ගිවිසුම්වල 14.6 වගන්ති ප්‍රකාරව කොන්ත්‍රාත්තුව ප්‍රමාද කිරිම මත ප්‍රමාද පොලි ගෙවිම් රුපියල් විසිතුන්කෝටි,හැටතුන්ලක්ෂ,පනස්පන්දහස්,දහයක්. (236,355,010) මුදලක් ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් සමාගම විසින් කොන්ත්‍රාත්කරුට ගෙවිමට තිබුණි.
තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතියේ ඉංජිනේරු උපදේශක ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යංශය කටයුතු කරණු ලැබේ. උපදේශන ගාස්තු වශයෙන් මුළු කොන්ත්‍රාත් මුදලින් සියයට 1.25ක මුදලක් වැටි මුදලද සහිතව ගෙවිය යුතු වේ. ඒ අනුව ගාල්ල තාක්ෂණික උද්‍යානයේ ඉංජිනේරු උපදේශකට 2022 වර්ෂයේ අප්‍රේල් මස සිට උපදේශන ගාස්තු වශයෙන් ගෙවිය යුතු මුදල එක්කෝටි, අසුඑක්ලක්ෂ,හැත්තැතුන්දහස්, හත්සියපනස්එකකි. (18,173,751) ටෙක්නෝ පාර්ක් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුව තිබුණි. මුදල් නොමැතිකම හේතුවෙන් මෙකි ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නවතාදමා තිබු අතර ටෙක්නෝ පාර්ක් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ද 2022 වර්ෂයේ අගෝස්තු මස 25 වැනිදින ඉල්ලා අස්වි තිබුණි.
කෙසේවුවද ටෙක්නෝ පාර්ක් සමාගමේ නව අධ්‍යක්ෂක මණ්ඩල රැස්විමක් 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 04 වැනිදින පවත්වා තිබුණි. අධ්‍යක්ෂක මණ්ඩල තිරණය අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරණ බව විගණනයට සදහන් කොට ඇත.
එහෙත් ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම වසා දැමිම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබුණි. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සම්බන්දයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද