මෙටා සමාගමට ඩො.මි. 567ක දැවැන්ත දඩයක් ගෙවීමට නියෝග
නිව් මෙක්සිකෝවේ අධිකරණයක් විසින් මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දැවැන්ත දඩයක් ගෙවන ලෙස නියෝග කර තිබේ. සමාගමේ සමාජ මාධ්‍ය වේදිකා දරුවන්ට එල්ල කරන අනතුරු පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවීමට අපොහොසත් වීම නිසා ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සලකමින් මෙම දැවැන්ත දඩය නියම කර තිබේ.
මෙය මෙටා සමාගමට ඒරෙහිව මේ දක්වා පැනවූ විශාලම දඩය මෙන්ම තින්දුවද වෙයි.විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් පැවසුවේ සමාජ මාධ්‍ය දැවැන්තයා වායු දූෂණයට සමාන "මහජන කරදරයක්" බවත් අනාගත හානි අවම කිරීම අරමුණු කරගත් අරමුදලකට එම මුදල් යෙදවිය යුතු බවත්ය.
මෙම තීන්දුවට පෙර මෙම නඩුවේම කොටසක් ලෙස මෙටා සමාගමට ඩොලර් මිලියන 375 ක් දඩයක් පනවා තිබූ අතර ඒ් අනුව සමස්ත
දඩ මුදල ඩොලර් මිලියන 942 කි.
Instagram, Facebook, WhatsApp සහ Threads හිමිකාරීත්වය දරන සහ ක්‍රියාත්මක කරන Meta හි ප්‍රකාශකයෙක් පැවැසුවේ "අපි තීන්දුවට එකඟ නොවන අතර අභියාචනයක් ඉදිරිපත් කරන්නෙමු." යනුවෙනි.
මෙටා සමාගම දැනට එක්සත් ජනපදයේ මේ හා සමාන ගැටළු සම්බන්ධයෙන් නඩු විශාල ප්‍රමානයකට මුහුණ දී සිටී. නිව් මෙක්සිකෝ තීන්දු වලට අමතරව, මෙම වසර මුලදී මෙටා ලොස් ඇන්ජලීස් හි සමාන හිමිකම් පෑමේ නඩුවක් පරාජය විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

