මේ වන විට 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඔවුන් දෙදෙනා නිවුන් සහෝදරයන් වන අතර ඔවුන් දෙදෙනා විසින් ලංකාවේ අපට වඩා ලංකාව පිළිබඳ දන්නා AI තාක්ෂණයෙන් කතා කරන රොබෝ කෙනෙකු නිර්මාණය කිරීමට සමත් වී තිබීම නිසයි අද අප පවා මේ දරුවන් දෙදෙනා පිළිබඳ කතා කරන්නේ.මෙම රොබෝ සතුව විශේෂ හැකියාවක් පවතිනවා.එනම් අපි සංචාරක ක්ෂේත
ඉතා බලවත් පරිගණක නව පරම්පරාවකට මග පාදන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව කළ සේවාව අගයමින් භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවොරෙට් සහ ජෝන් එම්. මාර්ටිනිස් යන අයට හිමිව තිබේ.
Read More2021 ජනවාරි මාසයේ එක්සත් ජනපද කැපිටල් කෝලාහලයෙන් පසු තම ගිණුම අත්හිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාගමට එරෙහිව ගොනු කළ නඩුවක් සමථයකට පත් කිරීම සඳහා ඇල්ෆබෙට් හිමිකාරීත්වය දරන යූ ටියුබ් සමාගම ඩොලර් මිලියන 24.5 ක් ගෙවීමට එකඟ වී ඇති බව සඳුදා අධිකරණ ගොනු කිරීමකින් පෙන්නුම් කෙරිණි.
Read Moreඅත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට හා තාක්ෂණික උපදේශකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreගල්ගමුව යාපහුව හා නිකවැරටිය මැතිවරණ කොට්ඨාසවල මේ දිනවල අලි මිනිස් ගැටුම උග්‍රව පවතී. එයට යම් විසඳුමක් ලෙස අඹන්පොළ අමණුගම තරුණයෙක් විසින් ජංගම යෙදුමක් නිර්මාණය කර තිබේ.එය’’ එලිෆන්ට් ජර්නි ’’ නමින් නම් කර ඇත.
Read Moreකෘත්‍රිම බුද්ධි ජාත්‍යන්තර ආයතනය (Artificial Intelligence International Institute) මගින් සංවිධානය කෙරුණු World Artificial Intelligence Conference 2025 (WAIC) සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා චීනයේ ෂැන්ග්හයි නුවර ෂැන්ග්හයි වර්ල්ඩ් එක්ස්පෝ සෙන්ටර්හිදී පැවැත්වුණි.
Read Moreශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් සඳහා දෙමව්පිය අධීක්ෂණ යෙදවුම සක්‍රිය කරන බව එම වැඩසටහන අයත් මෙටා සමාගම පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ මෙටා සමාගමෙහි නියෝජිතයන් අතර පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව මෙටා සමාගම මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
Read Moreබස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28දා) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
Read More2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) 18% අයකිරීමට තීරණය කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.
Read More’Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ඊලොන් මස්ක් සිය ’’X’’ ගිණුමෙහි සටහනත් තබමින් සඳහන් කර තිබේ.
Read Moreඉදිරි මාස පහ තුලදී 5G පහසුකම රටපුරාම ව්‍යාප්ත කිරිමට සැලසුම්කර ඇති බවත්, රට ඩිජිටල්කරනයෙන් පසු වැඩියෙන් වැරදි කළොත් රියදුරු බලපත්‍්‍්‍රය ඉබේ අහෝසිවනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේය.
Read Moreවන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කරමින් විශේෂ කැමරාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් නිපදවා තිබේ.
Read Moreරජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමිව සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධානයට ලක් කරමින් ඩිජිටල් ආර්ථික කටයුතු පිලිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසුරිය මහතාගේ මුලිකත්වයෙන් සාකච්චාවක් ශ්‍රී ලංකා සර්ට් ආයතනයේදී පැවැත්විණ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.
Read Moreටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා 22 හැවිරිදි තරුණියකට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද නිරුවත් ඡායාරූප යොමුකර ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර මහවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන ඒකකය කියයි.
Read Moreපසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.
Read Moreලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක් මහතාට අයත් චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමට එම සමාගමට අවශ්‍ය බලපත්‍රය ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
Read More2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹේ. එම සමුළු ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී ඇරඹිණ.
Read Moreමධ්‍යම දකුණු කොරියාවේ නගර සභාවක කටයුතු සඳහා සහාය වූ රොබෝවරයකු දිවිනසාගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.
Read Moreතම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ. Kantar’s BrandZ විසින් වාර්ශිකව මෙම ශ්‍රේණිගත කිරිම ප්‍රකාශයට පත්කරයි.
Read Moreශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
Read Moreඑහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා. එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ලංකාවට පැමිණෙන බව ද ඊලෝන් මස්ක් මහතා සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැන
Read Moreශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් අද (19) ඉන්දුනිසියාවේදි සිදු විය.
Read Moreතායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreඅධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය.
Read Moreවසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය හිමි වී තිබේ.
Read Moreමෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේදී The International Olympiad in Informatics (IOI) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
Read Moreට්විටර් හෙවත් x සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු කරමින් පවතින පව එහි හිමිකරු ලොව අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් පවසයි. සිය ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ වීඩියේ සහිතව හා රහිතව ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව මේ හරහා ලබාදෙන බවයි.
Read Moreසෝවියට් දේශය, ඇමෙරිකාව හා චීනයට පසුව සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්ස වූ රට බවට ඉන්දියාව අද වාර්තා අතරට එක්විය.
Read More