වට්ස් ඇප් භාවිත කරන මිලියන ගණනකට ගැටලුවක්
පැරණි ජංගම දුරකථන තුළින් වට්ස් ඇප් (WhatsApp) යෙදවුම ඉවත් කිරීමට එම සමාගම තීරණය කිරීමත් සමග ලොව පුරා මිලියන ගණනක පාරිභෝගිකයන්ට වට්ස් ඇප් සේවාව භාවිතයෙන් ඉවත්වීමට සිදුවෙනු ඇත.
ඒ අනුව 2020 පෙබරවාරි 1 සිට, iOS 8 හෝ ඊට වැඩා පැරණි මෙහෙයුම් පද්ධති සඳහාත් ඇති ජංගම දුරකත්න සඳහාත් ඇන්ඩ්‍රොයිඩ් 2.3.7 මෙහෙයුම් පද්ධතිය හේ ඊට වඩා පැරණි මෙහෙයුම් පද්ධති ඇති ඇන්ඩ්රෝයිඩ් උපාංග තුළත් වට්ස් ඇප් සේවාව ක්‍රියාත්මක නොවෙනු ඇත.
මෙම මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ට දැනටමත් WhatsApp ගිණුම් නිර්මාණය කිරීමට හෝ පවතින ගිණුම් නැවත සත්‍යාපනය කිරීමට නොහැකි වී ඇත.
මයික්‍රොසොෆ්ට් සිය වින්ඩෝස් 10 මොබයිල් ඕඑස් සඳහා වන සහාය අවසන් කරන 2019 දෙසැම්බර් 31 සිට වට්ස්ඇප් සියළුම වින්ඩෝස් දුරකථන සඳහා වන සහායද ඉවත් කිරීමට නියමිතය.
ෆේස්බුක් සමාගමට අයත් මෙම සේවාව ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 හා ඊට ඉහළ මෙහෙයුම් පද්ධති ඇති ඇන්ඩ්‍රොයිඩ් උපාංග හා iOS 9 සහ ඉන් පසුව පැමිණි මෙහෙයුම් පද්ධති ඇති අයිෆෝන් සඳහා අඛණ්ඩව වට්ස් ඇප් සේවාව ක්‍රියාත්මක වෙයි.

popular news
-
සිනුල Sunday, 23 August 2020 08:39 AM
ඉස්කෝලෙ වැඩ සදහා
Reply : 4 21
සයුර Saturday, 01 January 2022 05:06 AM
වට්ස්ඇප්
Reply : 2 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

