ගෝඨාගේ නඩුවක් විභාග කිරිම ඔක්තෝබර් දක්වා අත්හිටුවයි
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදි මුදල් අවභාවිත කර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියොගයක් නිකුත් කළේය.
ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ අභියාචනා පෙත්සමක් සලකා බලමිනි. බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම පෙත්සම සළකා බැලීය.
මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස 01 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත් හිටුවන ලෙස දන්වා නියෝගයක්ද නිකුත් කළේය.

popular news
-
lion Thursday, 25 July 2019 04:02 PM
fonseka mahaththaya nadukarayek una dawasata me naduwa ahai.
Reply : 2 2
Don Thursday, 29 August 2019 09:02 PM
මේවා අහන නඩු නොවේ, බලියන නඩු.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

