saravita-anim2

2019 මාර්තු මස 23 වන සෙනසුරාදා

2019 මාර්තු මස 23 වන සෙනසුරාදා

Religion - timelapse 686 hours ago

LATEST

මිහිදු හිමි පරිණිර්වාණය සමරන රාජ්‍ය උත්සවය අවලංගු කරලා

calendar_today 2018 ඔක් 17 - 17:03 remove_red_eye - 1020  

මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.

සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ.

Read More

මන්දස්මිත ඉරියව්ව නිරූපිත අදාළ බුදු පිළිම ශීර්ෂයේ ඇස්, මුව හා නාසය පැහැදිලිව දක්වා ඇති අතර, මටසිලුටු ලෙස නිමවා ඇති හිඳි පිළිමයක පාද කොටසක් යැයි අනුමාන කෙරෙන බුදු පිළිමයක පාද කොටසක්ද එහිදී හමුව තිබේ.

Read More

“මේ දහම් පාසල ආරම්භ කළේ පසුගිය ජනවාරි හත්වැනිදා. මම මේ පන්සලට ඇවිල්ල දැනට අවුරුදු විස්සකට වැඩියි. ගමට පන්සලත් එක්ක දහම් පාසලකුත් අවශ්‍ය බව අපට තේරුම් ගිය නිසා මෙය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා. ගමේ හැමෝම වාගේ ගොවිතැන් කරලයි ජීවත් වෙන්නෙ. මේ වනවිට මෙහි දරුවෝ 82ක් පමණ ඉගෙන ගන්නවා. ගුරුවරු 11ක් ඉන්නවා. සංඝාවාසයේ තමයි දැනට මෙය පවත්වාගෙන යන්නේ.”

Read More

රම්මල කඳු පාමුල දර්ශනීය පසුබිමක කිරම වරාපිටිය සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය ක්‍රි.පූ. පළමු වන සියවසේදී ලංකාවේ රජකම් කළ වළගම්බා නිරිඳුන් විසින් සිදුකළ බවට ජනවහරට අනුව පිළිගැනේ.

Read More

කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ පවත්වනු ලැබූ පින්කම් මාලාවක් පසුගියදා (30දා) උන්වහන්සේ වැඩ වාසය කරන කැලණිමුල්ල සඳහම් සිසිල මාපිය සිසිල මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

Read More

ශ්‍යාමෝපාලී මහා නිකායේ, මල්වතු පාර්ශ්යේ ජ්‍යෙෂ්ඨ කාරක සභික අති පූජ්‍ය මහෝපාද්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියෝ අපවත්වෙති.

Read More

විශේෂයෙන්ම ‍ඵෙතිහාසික මානවයන් විසූ බවට සැලකෙන ඉපැරණි ලෙනක්,‍ඵෙතිහාසික වටිනාකමකින් යුත් ඉපැරණි රජමහා විහාරයක් ලෙසත්, දක්ෂිණ දීපයේ ජනීජනයාගේ ශ්‍රී ලාංකීය බොහෝ බෞද්ධ ජනතාවගේත් අචල විශ්වාසයත් ගෞරවාදරයට පත් ගැටබරු රජ්ජුරු බණ්ඩාරදෙවියන් වෙනුවෙන් තැනූ දේවමන්දිරයක් ලෙසත් මෙම පුදබිම බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට වර්තමානය වන විට පත්වී ඇත. විශේෂයෙන්ම දකුණේ වැසියන් තුළ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පවතින්නේ ගෞරවාන්විත භක්තියක් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත බියකි.

Read More

සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

12 වැනි සියවසේ දෙවැනි ගජබාහු සහ පළමුවැනි පරාක්‍රමබාහු අතර සිදුවූ සමගි සන්ධානය පිහිටුවා ඇත්තේ ‍මෙම විහාරයෙහි බව චූලවංශ‍යේ සඳහන් වෙයි. මෙම විහාරය පැරණි යුගයේ කල්ලක මහා විහාරය, කල්ලක ලෙන, කළු මහවෙහෙර, කාලවේල විහාරය ලෙස ද හඳුන්වා ඇති බව ද සඳහන් වෙයි. කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල නගරය පසුකර ඇති දොළොස්දාහ හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ සැතපුම් දෙකහමාරක් පමණ ගිය විට මැද්ද කැටිය වැව ආසන්නයේ මෙම විහාරය පිහිටා තිබේ.

Read More

හින්දුන්ගේ උසස්ම කුලය වන බ්‍රාහ්මණ කුලය අනුගමනය කරන උසස් සංස්කෘතික පසුබිමක් හමුවේ තමන් පැවිදි බවට පත්වුවහොත් පවුලේ අය තමන් පවුලෙන් නෙරපා දමනු ඇති බවට ශර්මා පූජක වරයාගේ මව ඇතුළු සොයුරන් තුළ හටගත් කුකුස එයට හේතු විය. හින්දු පූජක වරයෙකු ලෙස සිටි කාලයේ දී ද බෞද්ධ ජනතාව දානය ගෙන එන විට ශර්මා පූජකවරයාටත් ඉන් කොටසක් පිරිනැමිණි. තමන් හින්දු පූජක වරයෙකු යැයි වෙනස්කොට සැලකීමක් බෞද්ධ මිනිසුන් අතර නොතිබිණි. උන්වහන්සේ තම අදිටනෙහි තිරව පිහිටා සිටියහ.

Read More

සියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය මෙසේ මන්නාරමදී පැවැත්වීමට නියමිතය.

Read More

මෙම බෝධින් වහන්සේගේ තවත් අත්තක් මීට පෙරද කඩාවැටී ඇති අතර, එය ආධාරකයක් මත රඳවා තිබේ. මෙම බෝධීන් වහන්සේ වසර සියයකට වඩා පැරැණි බවත්, බෝධීන් වහන්සේ තුළ විශාල කුහර සෑදී ඇති අතර, එමගින් එය දිරාපත්වන බවට හඳුනා ගෙන ඇති බවත් ප්‍රකාශ කරන උන්වහන්සේ මෙම බෝධීන් වහන්සේ ආරක්ෂා කරගැනීමට උද්භිද විද්‍යාඥයන්ගේ සහාය ලබාදෙන ලෙස වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටියහ.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25)රාත්‍රියේ වීදි සංචාරය කළ අතර එය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. ජයන්ති සිරිසේන මහත්සිය, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

Read More

හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පූජා කර ඇති අතර, මේ වන විට රන් වියන වසර තිහක කාලය තුළ 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ඇත.

Read More

වර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.

Read More

තිස් වසරක යුද්ධය හේතුවෙන් විනාශයට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ (22දා) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.

Read More

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම් සම්බන්ධව තමන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

Read More

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය ආක්‍රමණය කර ඇති අන්‍ය ආගමිකයන් පිරිසක් එහි ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.

Read More

උන්වහන්සේ ඊයේ (15දා) යළි අසනීප වීම හේතුවෙන් මෙලෙස කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

Read More

ගරු විනිශ්චයකාරවරු පැහැදිලිකර ගත යුතුයි ඥානසාර හිමි ප්‍රකාශය කරන අවස්ථාවේදී උන්වහන්සේගේ අදහස තිබුණේ කුමක්ද කියලා.

Read More

මනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් පෙරෙදා (12දා) ආරම්භ වී ලබන 25 වැනිදා අවසන් රන්දෝලි මහා පෙරහර පවත්වා, පසුදා (26දා) ගැටබේ තොටේදී දියකැපීමේ මංගල්‍යයෙන් අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

අවිවේකී ජීවිතවලට විවේකයක් ලබා ගැනීමට මෙන්ම අධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගැනීම උදෙසාද ඉතාමත් උචිත ස්ථානයක් ලෙස උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකිය.

Read More

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් කොළඹ අවිස්සාවේල්ල පැරණි මාර්ගයේ කඩුවෙල නගරයේ උස් කඳුගැටයක් මත කැලණි නදියට මුහුණලා පිහිටා තිබෙන වන්දනීයත්වයට පාත්‍ර වූ දේවාල ස්ථානයක් ලෙස කඩුදෙවොල සිද්ධ රන්කඩු පත්තිනි මහා දේවාලය හඳුන්වා දිය හැක.

Read More

බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට හෝ රට බෙදීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදෙන බව මහා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

කෑගල්ල - චමින්ද ජයලත් මාවනැල්ල, දොඩන්තලේ, ඓතිහාසික ශ්‍රී සෙනෙවිරත්නාරාම උපෝසථ රජමහා විහාරයේ පෞරාණික සංඝාවාස ගොඩනැගිල්ලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු වසර 02ක පමණ කාලයක සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව විහාරස්ථ දායක දායිකාවෝ පවසති.

Read More

මොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිමකර තිබෙන අඩි 27ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි.

Read More

රාවෘතාන්තය දෙස බැලීමේදී 1850 වසරේ වැඩ විසූ තෙත්ගොඩ ගෙදර නාහිමියන් එකවරම මතකයට එන සංඝ පිතෘෘන් වහන්සේ නමකි. එවකට සයවැනි පැරකුම්බා රජුන්ගේ අත්තිඩියේ තැනූ රාජ මාලිගය අභාවයට යෑමෙන් අනතුරුව උන්වහන්සේ එහි කුඩා ආවාස ගෙයක් සාදාගෙන වැඩ වෙසෙමින් දහම් කටයුතුවල නිරත වී ඇත. උන්වහන්සේ කුමන විහාරස්ථානයක සිට අත්තඩිය පුරාණ විහාරස්ථානයට වැඩම කළේද යන්න පිළිබඳව තොරතුරු නොමැත. අත්තිඩිය ගලඋඩ පුරාණ විහාරාධිපති වහන්සේ ලෙස එය මුලින්ම ආරම්භ කරන ලද බව පැරණි ජනප්‍රවාදවල දැක්

Read More

කැලණිය රජමහා විහාරය, කොරතොට රජමහා විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය, කෝට්ටේ රජමහා විහාරය සහ නවගමුව පත්තිනි දේවාලය යන ප්‍රධාන බෞද්ධ විහාරයන් මැදි කර ගනිමින් පිහිටා ඇති සංඛපිට්ඨ පුරාණ විහාරස්ථානය මගින් අඛණ්ඩව 175 වැනි වරටත් සංවිධානය කරන කඩුවෙල ධාතු පූජා මහා පෙරහර මෙම මස 20දා ආරම්භ කෙරේ.

Read More

බෞද්ධ ජනතාවට මෙන්ම හින්දු ජනතාවටද කතරගම එකසේ වැදගත් වන්නේ සැමගේ ගෞරවයට පාත්‍ර වී ඇති කතරගම මහා දේවාලය නිසාවෙනි. ජාති, කුල, ආගම් භේදවලින් තොරව අපේකම රැකගන්නා අපේ දේවාලයක් ලෙස සෑම ජාතියක්ම, සෑම ආගමිකයෙකුම මෙම ස්ථානයෙන් ආශීර්වාද ලබා ගැනීමට යොමුවෙයි. මහ දෙවොලේ චාරිත්‍රවාරිත්‍රද ඉතිහාසයේ ඈතට දිවයන අතර, ඒවායේ ඇති බෞද්ධ ආගමික හා හින්දු ආගමික සිරිත් විරිත් සම්ප්‍රදායානුකූලව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් අපේ සංස්කෘතියේ ඓතිහාසික උරුමයන් මේ වන විට ආරක්‍ෂා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.