ටෙස්ලා ප්‍රධානියා කළ අපහාසය පිළිබඳ වර්නන් නඩු මගට බසියි
තායිලන්තයේ ගුහා දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි බ්‍රිතාන්‍ය ජාතික ගුහා කිමිදුම්කරු ළමා කාමාතුරයෙකු ලෙස හඳුන්වමින් එලොන් මස්ක් විසින් සිදුකර තිබූ ප්‍රකාශය තමාට දැඩි සිත් රිඳීමක් සහ ලැජ්ජාවක් ඇති කළ බව ඔහු අධිකරණය හමුවේ පවසයි.
වර්නන් අන්ස්වර්ත් විසින් ගොනුකර ඇති අපහාස නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ටෙස්ලා ප්‍රධානියාට මෙම චෝදනා එල්ල වී තිබේ.
පසුගිය වසරේදී ගුහාවේ හිරවුණු දරුවන් බේරාගැනීමට කිමිදුම්කරු දැඩි පරිශ්‍රමයක් ගත් අතර, එහිදී ඊට අවශ්‍ය උපකාර ලබාදීමට මස්ක් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කිරීමත් සමග දෙදෙනා අතර වාග් සංග්‍රාමය ඇතිවිය.
උතුරුදිග තායිලන්තයේ ගුහා සංකීර්ණයක පසුගිය ජුනි මාසයේදී සිරවී සිටි පාපන්දු කණ්ඩායමක් නියෝජනය කළ මෙම දරුවන් පිරිස මුදාගැනීමේ මෙහෙයුම ලෝකයේම අවධානයට ලක්වූ අතර, අවසානයේදී දින ගණනාවක ප්‍රයත්නයකින් පසුව ඔවුන් මුදාගැනීමට හැකිවිය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

