චීන එන්නත් සඳහා රටවල් රැසක අනුමැතිය - අප්‍රිකානු රටවල් 19කටත් එන්නත්
වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය අප්‍රිකානු රටවල් 19කට කොවිඩ්-19 එන්නත ලබාදෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.
චීනය ඉරිදා වනවිට සිම්බාබ්වේ සහ ගිනියාවට එන්නත් පරිත්‍යාග කර ඇති අතර, වසංගතයට එරෙහි සටන ජය ගැනීමට අප්‍රිකාවට උපකාර කිරීම සඳහා සිය හැකියාවන් තුළ ආධාර දිගටම ලබාදෙන බව චීනය සඳහන් කළේය.
මේ අතර, ඊයේ (22දා) රාත්‍රියේ මොන්ගෝලියාවට චීනය පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් මාත්‍රා 300,000ක් ලැබුණු අතර, මෙම එන්නත් එරට අගනුවර වන උලාන් බාටර් හි චින්ගිස් ඛාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මොන්ගෝලියානු නියෝජ්‍ය අගමැති සයින්බුයාන් අමර්සයිකාන් සහ මොන්ගෝලියාවේ චීන තානාපති චයි වෙන්රූයි විසින් පිළිගනු ලැබීය.
එමෙන්ම අග්නිදිග ආසියානු කලාපයේ චීනයේ සීනොවැක් එන්නත ලබාගන්නා පළමු පුද්ගලයන් අතර තමාද සිටිය හැකි බව තායිලන්ත අගමැති ප්‍රයූත් චාන්-චා ඊයේ (22දා) පැවසීය.
හංගේරියාව චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන හෙට (24දා) ආරම්භ කරන බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි සිසිලියා මුලර් වාර්තාකරුවන්ට පවසා සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
