කෂෝගි ඝාතන බුද්ධි වාර්තාව කලින් පළවූ නම් අතරින් 3ක් අභිරස් ලෙස ඉන් ඉවත් වෙලා
ජමාල් කෂෝගිගේ මරණයට වගකිව යුතු සෞදි අරාබි ජාතිකයන් පිළිබඳව එක්සත් ජනපද බුද්ධි අංශ විසින් පසුගිය සිකුරාදා දහවල් ප්‍රකාශයට පත්කළ වාර්තාව පළ කර ටික වේලාවකට පසුව, කිසිදු පැහැදිලි කිරීමකින් තොරව මුලින් සඳහන් වූ සෞදි ජාතිකයන් තිදෙනෙකුගේ නම් ඉන් ඉවත් කර ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
මෙම බුද්ධි වාර්තාව මගින් කෂෝගි ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සම්බන්ධ බවට බයිඩන් පරිපාලනය විසින් සෘජුවම චෝදනා තිබුණත්, කුමරුට කිසිදු ආකාරයකින් දඬුවම් පැනවීමක් සිදු නොකළේය. ඒ වෙනුවට සෞදියේ වෙනත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට සම්බාධක පනවා තිබුණි.
කෙසේ වෙතත් එක්සත් ජනදයේ වත්මන් පරිපාලනය විසින් ප්‍රකාශයට පත්කළ මෙම බුද්ධි වාර්තාව සෞදි අරාබිය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර, අරාබිකරයේ තවත් බොහෝ රටවල් සෞදිය සමග එක්ව මීට විරෝධය දැක්වීය.
අවසානයේදී මේ වනවිට බුද්ධි වාර්තාවේ කලින් චෝදනා ලැබූ පුද්ගලයන් තිදෙනෙකුගේ නම් අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, ඇමෙරිකානු බුද්ධි ක්රියාන්විතයන්ද විවිධ න්‍යාය පත්රයන්ට අනුව ක්‍රියාත්මක වන බවට මෙය හොඳ සාක්ෂියක් බව විචාරකයන් පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

