ඇස්ට්‍රාසෙනෙකා සහ රුධිර කැටි ගැසීමේ අවදානම අතර සම්බන්ධය දුර්ලභයි - WHO
ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ දුර්ලභ රුධිර කැටි ගැසීමේ අවදානම අතර සම්බන්ධයක් ඇති බව පිළිගත හැකි නමුත් එය දුර්ලභ තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
යුරෝපා සංගමයේ සහ එක්සත් රාජධානියේ නියාමකයින්ගේ නවතම තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, එන්නත සහ අඩු රුධිර පට්ටිකා සහිත රුධිර කැටි ගැසීම් අතර යම් සම්බන්ධතාවක් ඇති බව පිළිගත හැකි නමුත් එය තහවුරු කර නොමැති දුර්ලභව අවස්ථාවක් බවයි.
බදාදා නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය එය යළිත් කියා සිටියේය.
ලොව පුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇති මිලියන 200කට ආසන්න පුද්ගලයින් අතර සිද්ධීන් ඉතා අවම සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, තක්සේරු කිරීමේදී එම සිදුවීම් ඉතා දුර්ලභ බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
යුරෝපීය හා බ්‍රිතාන්‍ය ඖෂධ නියාමකයන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ දුර්ලභ රුධිර කැටි ගැසීම් අතර යම් සම්බන්ධයක් ඇති බව මුලදී නිවේදනය කළ අතර එක්සත් රාජධානිය වයස 30ට අඩු අයට විකල්ප එන්නතක් ලබාදෙන බව නිවේදනය කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
