ඇමෙරිකා ගැන කලකිරීමෙන් ස්ටීවි වොන්ඩර් ඝානා යාවිලු
ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින දේශපාලන ආරවුල හමුවේ කලකිරීම නිසා එරට සම්මානනීය හා ජනප්‍රිය ගායකයෙකු වන ස්ටීව් වොන්ඩර් ඝානාවේ පදිංචියට යන බව පවසා තිබේ.
ඔප්රා වින්ෆ්‍රී සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සිය තීරණය පැහැදිලි කළේය.
"මට මේ ජාතියේ සිනහව නැවත දැකීමට අවශ්‍යයි. මම ඝානාවට පිටත්ව යාමට පෙර එය දැකීමට අවශ්‍යයි. මොකද මම ඒ තීරණයේ සිටින නිසයි."
එවිට වින්ෆ්‍රී ඔහුගෙන් ප්‍රශ්න කළේ, "ඔබ ඝානාවේ ස්ථිර පදිංචියටම යනවාද?" යන්නයි.
"ඔව්, මම යනවා" යැයි "You Are the Sunshine of My Life" සහ "I Just Called to Say I Love You" ආදී ජනප්‍රිය තලයේ ගීත ගායනා කර ඇති ස්ටීව්ගේ පිළිතුර විය.
"අනේ කරුණාකරලා මට කැමතියි කියන්න. කරුණාකරලා මට ගරු කරන්න, කරුණාකරලා මං වැදගත් බව දැනගන්න, කරුණාකර මාව අගය කරන්න' ආදී වශයෙන් මගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවනුත් පවසනවා දකින්නට මට අවශ්‍ය නැහැ. මේ මොකක්ද?" වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකාව වැටී ඇති අගාධය ඔහු ඉඟි කළේය.
ඔහු ඝානාව සම්බන්ධයෙන් මීට පෙරද කතා කර තිබුණේ, එක්සත් ජනපදයට වඩා ප්‍රජාව පිළිබඳ හැඟීමක් එහි ඇති බව තමාට හැඟුණේ යැයි වර්ෂ 1994 දී ප්‍රකාශ කරමිනි.
මිචිගන් වැසියෙකු වන වොන්ඩර් වයස අවුරුදු 9 වනවිට පියානෝ, ඩ්‍රම්ස් සහ හාර්මොනිකා වාදනය කිරීමට ඉගෙන වර්ෂ 1961 දී යුනිවර්සල් මියුසික් ගෘප් හි මොටවුන් සංගීත ලේබලය යටතේ ගීත ගායනා කිරීමට අත්සන් තැබීය. එතැන් පටන් ඔහු ග්‍රැමී සම්මාන 25ක්, ගෞරව සම්මානයක් දිනා ඇති අතර 74 වතාවක් සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

