ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ ගිහින්
ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් වරගයේ බොරතෙල් බැරලයක මිල අගෝස්තු මස 13දා වනවිට එක්සත් ජනපද ඩොලර් 58.77ක් දක්වා පහත වැටී තිබුණි.
මේ අතර, ඩබ්.අයි.ටී. බොර තෙල් බැරලයක මිල සටහන් වී තිබුණේ එ.ජ.ඩොලර් 54.81ක් ලෙසිනි.
මේ අතර, පසුගිය ජූලි මස 10 වැනිදා ඉන්ධන මිල සූත්‍රයට අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකරන අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය කියා තිබුණේ, බොරතෙල් බැරලයක මිල ජූනි මාසයේ වාර්තා වූ එ.ජ.ඩො.75 සිට, මෙවර එ.ජ.ඩොලර් 65 දක්වා අඩුවී ඇති බැවින් මෙසේ මිල අඩු කිරීමට මිල සූත්‍ර කමිටුව කටයුතු කළ බවය.
කෙසේ වෙතත්, මෙවර ඩොලර් 58ක් දක්වා ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල අඩුව තිබියදීත් මිල අඩු කිරීමට මිල සූත්‍ර කමිටුව කටයුතු නොකළේ මන්ද යන්න ගැටලුවකි.
එක්සත් ජනපදය සහ චීනය අතර ඇතිව තිබෙන වෙළෙඳ යුද්ධයද මේ ආකාරයෙන් ඉන්ධන මිල පහළ යෑම කෙරෙහි බලපා ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
popular news
-
Kumar Sunday, 18 August 2019 08:21 PM
ලෝක වෙළදපොලේ මිල කියන්නේ තව මාස තුනකින් සපයන්නයි. ලංකාවේ මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා. මෙරටේ ලාබ ඔක්ටෙනේ 87 පාවිචිකරන තැනට ලංකාවේ 92 යොදනවා. මෙරටේ ඔක්ටෙනේ 95 විකුනන්නෙත් නැහැ.
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

