LNG ගණුදෙනුව සම්බන්ධයෙන් මහින්ද අමරවීර වාර්තාවක් ඉල්ලයි
රු. බිලියන 90කට අධික මුදලක් රජයට අහිමි කර ඇතැයි පැවසෙන එල්.එන්.ජී. ගණුදෙනුව සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දි ඇත.
පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරිමට යෝජිතව තිබූ එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී හෙළිදරවූ කරුණු අනුව 63% රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව භාර නොදී, චීන සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට මේ වනවිට රු. බිලියන 90කට අධික මුදලක් අහිමිවී ඇතැයි අනාවරණය විය.
මෙම එල්.එන්.ජී. ටෙන්ඩරය සදහා දේශීය සමාගමක් විසින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදිත්, විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වුවමනාවට එම ටෙන්ඩරය අඩු මුදලක් සහිත පිරිවිතරයන් ඉදිරිපත් කර තිබූ චීන සමාගමකට ලබාදීමට අනුමැතිය ලබාදි තිබේ.
අද දින පැවති සාකච්ඡාවට අදාළ දේශීය සමාගමේ නියෝජිතයන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.
එහිදී මෙම ගණුදෙනුව සම්බන්ධව තමන්ට සවිස්තර වාර්තාවක් වහාම ලබාදෙන ලෙසත්, මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරිමට මෙම මස 05 වන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

popular news
-
denin Tuesday, 03 December 2019 03:51 PM
මෙතුමා කතාකරන්නේ පසුගිය 18දයින් පසු උපන්කෙනෙක් වගෙයි.යහපාලන රජයේ cabinet රැස්වීම්වලදී කොයි තරම් තර්ක විතර්ක ඉදිරිපත් වුනාද ඔය බලාගාරය සම්බන්දව.2018 ඔක්තොම්බෙර් ආණ්ඩු පෙරලිය දක්වාම විදුලි බල ඇමති තනතුර දැරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තිවරුන් .ඔබත් ඒ ඇමති මණ්ඩලයේ සිටිය නේද?පුවත් පතක තිබුන එවකට සිටි ඇමති සියබලපිටිය මහතා ඔය ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට දෙන්න යනවා.ඊට විරුද්දව දේශීය සමාගමක් නඩු පවරන්න යනවා කියා.කොන්තත්තුව කොයි ඇමතිවරයාගේ කාලයේ චීන සමාගමට දුන්නද කියා දැනගන්න ලැබුනේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
