සෑම අමාත්‍යාංශයකටම හා පළාතකටම පොදු දැක්මක්
සෑම අමාත්‍යාංශයකම පොදු දැක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක්’ යන්න භාවිත කිරීමටත්, සෑම පළාත් සභාවකම දක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා තිරසර සංවර්ධිත .... (අදාළ පළාතේ නම) පළාතක්’ යන්න භාවිත කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
එසේම සෑම අමාත්‍යාංශයක් විසින්ම තිරසර සංවර්ධන අභිමතාර්ථ සඳහා ප්‍රමුඛතාව දෙමින් මහජන සේවා සැපයීමේ උපායමාර්ග සැකසීමටත්, සෑම රජයේ ආයතනයක් විසින්ම එසේ හඳුනාගත් උපායමාර්ග යටතේ වැඩසටහන් හා ව්‍යාපාති හඳුනාගැනීමටත් නියමිතය.
මේ අනුව තිරසර සංවර්ධන පනත මඟින් පිහිට වූ ජාතික තිරසර සංවර්ධන සභාව මඟින් තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියක් හා උපායමාර්ග සකස් කරවීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
bandara Wednesday, 11 September 2019 12:29 PM
යෝජිත ජාතික තිරසර සංවර්ධන සභාව තවත් සුදු අලියෙක් විතරයි. මේවා කරන්න වසර හතර හමාරක් තිබුනනේ. චන්දෙ කට උද තියාගෙන් මේ දෙන්නේ චන්ද ගුණ්ඩු.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

