සජිත් යළිත් එජාප නියෝජ්‍ය නායකත්වයට
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුඳා (27) වනවිට අවසන් කිරීමට නියමිතව ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරිම් සියල්ලක්ම මේ වනවිට අවසන් අදියරේ ඇති බවද එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුකර ඇති බවද හෙතෙම පැවසීය.
එමෙන්ම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසදීම සදහා ඡන්දයක් නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු කළ ඉල්ලිමට අනුව අර්බුදයකින් තොරව එය විසදාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක්‍රමවේදයක් සකසමින් සිටින බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

popular news
-
rocky Friday, 24 January 2020 03:02 PM
පක්ෂය එකමුතු කෙරීමට නම් රනිල්ව වහාම පක්ෂයෙන් එලවන්න. ඔහු මහින්දගේ මිනිසෙකි. දෙපිට කාට්ටුවෙකි. අන්ගේ ඉඳගෙන මෙතෙක් කල් කලේ කනට කොටපු එකය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

