සජිත්ගේ ප්‍රකාශයට මහාචාර්ය චන්න ජයසුමනගෙන් පිළිතුරක්
කොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක් පිළිඳව හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිතුරු ලබා දී තිබේ.
කොවිඩ් රෝගීන්ට ලබාදෙන ඖෂධ පිළිබඳව ඔහු කළ ප්‍රකාශයෙන් බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන බව මහාචාර්යවරයා පවසයි.
ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.
2020.03.22
ගරු මැතිතුමනි,
ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිලිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.
02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.
03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.
දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයුතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.
මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
MBBS,PhD, FRCP Edin
ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්ය
popular news
-
CORONA Monday, 23 March 2020 09:38 AM
corona පටන්ගත්ත දා ඉදල අපේ රටේ බල්ලාගේ වැඩේ බුරුවො තම කලේ. වැඩේට අදාල එවුන් හැංගිලා. වැඩේට සුදුසුකම් නැතුවත් එකට කරගහන්න වෙලා. මගුලක්වත් දන්නේ නැතිඑවුන් ඔස්තාර්ලා වෙලා උපදෙස් දෙනවා. හිටපු එක වගේම අලුත් අයත්, එන්න හිටිය අයත් කටින් තම බතල කොළ හිටවන්නේ. ඔක්කොම හොද පබයෝ වෙනුවට කුබුරේ හිටවන්න. හානි වන නිෂ්පාදකයෝ, අපනයන කරුවන්ට ගෙවන්න නම් ඔක්කොටම කලින් කතා කරන්නේ "මහවිල් අරු" වන්දි ගෙවපු එකේ රස දන්නා නිසා. කට කියෙඋවට කෙලින් නිර්බීත තීරණයක් ගන්න කොන්ද පන නැහැ
Reply : 2 7
Kumar Thursday, 26 March 2020 09:06 PM
මේ මහාචාර්යතුමා කියන කතාවේ සතයක් තිබෙනවා. මෙහි සදහන් බෙහෙත් වර්ග ගැනීමෙන් කොරෝන වෛරසයෙන් ආරක්ෂා වෙන්න හැකියාවක් නැහැ. ඇමෙරිකාවේ මේ බෙහෙත් අසනීපය සැදුන අයට පරීක්ෂණයක් වශයෙන් දීමෙන් යහපතක් සිදුවී ඇති බව ප්රකෂකරලා තිබෙනවා.
Reply : 0 0
ගමරාල Tuesday, 31 March 2020 07:42 AM
මහාචාර්ය තුමණි වසර දහස් ගණනක් පැරණි ආයුර්වේදයේ මෙවැනි රෝගයන්ට කලහැකි ප්‍රථිකාර ඇතැයි සිතෙනවා.දේශීය වෛද්යවරන්ද එවැනිදේ තිබෙනවා කියනවා.නමුත් නිරෝධායන පනත නිසා දේශිය වෛද්‍ය වරුනට මේ රෝගයට ප්‍රතිකාර කරන්න බැහැ.ඔබතුමා ඖෂධ විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙක් නිසා ආයුර්වේදයේ ඇති බෙහෙත්වරග ගැන පරීක්ෂාකර මෙම රෝගය මැඩලීමට කටයුතු කලොත් ලෝකයටම සෙතක්වේවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

