විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සිට වර්ජනයක
විශ්වවිද්‍යාල අනධ්‍යයන ප්‍රජාවට ඇති වී තිබෙන වැටුප් ගැටලුව විසඳා ගැනීම සඳහා හෙට (10දා) සිට ආරම්භ වන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තුළින් විශ්වවිද්‍යාලවලට ඇති වන බලපෑමේ වගකීම ආණ්ඩුව භාර ගත යුතු බව විශ්වවිද්‍යාලීය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවට අසාධාරණයක් සිදුකර තිබෙන බවත්, එම අසාධාරණය විසඳන බවට බලධාරීන් ලබා දුන් පොරොන්දු කඩ වී තිබෙන නිසා හෙට සිට සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත් එම කමිටුවේ නියෝජිතයෝ පෙන්වා දෙති.
මෙම ක්‍රියාමාර්ගයට අනධ්‍යයන සේවයේ දහසය දහසකට (16,000) අධික පිරිසක් සහභාගී වන බවත් මේ හරහා සමස්ත විශ්වවිද්‍යාල කටයුතුම ඇණහිටින බවත් අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
හෙට (10දා) උදෑසන 08.00 සිට ගැටලු විසඳන තෙක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද එම කමිටුවේ කමිටු සාමාජික විජයතිලක ජයසිංහ මහතා සඳහන් කළේය.
popular news
-
චමින්ද Monday, 09 September 2019 07:04 PM
පසුගිය වසරේත් මාස ගණනක් වර්ජනයේ යෙදුනා.දරුවන්ගේ අධයන කටයුතු මාස හයක් ප්‍රමාද වුනා.මෙවරත් එහෙම විමට ඉඩ නොදී සාධාරනවූ මේ ඉල්ලීම් ගැන බලධාරීන්ගේ අවධානය යොමුවී අනාගත පරපුරේ ආරක්ෂාව තහවුරු කරත්වා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

