Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත්‍රයක් මඟින් ප්රකාශ්යට පත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරිම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ රිට් පෙත්සම මෝසමක් මඟින් කැඳවූ අවස්ථාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා එලෙස දැනුම් දුන්නේය.
මෙම රිට් පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න මහත්වරුන්ගේන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
විල්පත්තුව රක්ෂිත වනාන්තරයේ අක්කර විශාල ප්‍රමාණයක් එළිකොට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කොට තිබු මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීමට නඩුව විභාග කළ විනිසුරුවරයා අකමැත්ත ප්‍රකාශ කිරිම හේතුවෙන් එම නඩුව යළි විමසිමට අභියාචනාධිකරණය පසුගිය අවස්ථාවකදී තීරණය කෙරිණි.
2015 වසරේදී පවරන ලද මෙම නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විමසීමට එලෙස නියම කෙරිණි.
2015 වසරේදී මෙම නඩුව පවරා තිබු අතර දීර්ඝ කාලයක් පුරා විභාග කළ මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට මීට වසරක පමණ කාලයකට පෙර දින නියමවී තිබුණේ මීට වසරක පමණ කාලයකට පෙර වුවද එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අවස්ථා තුනකදීම කල් ගිය තත්ත්වයක් තුළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා හමුවේ මෙම පෙත්සම කැඳවන ලදුව නඩුව විභාග කළ විනිසුරුවරයා මෙහි තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කොට ඇති බව මීට පෙර අවස්ථාවකදී දැනුම් දෙන ලදී.
පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කොට ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කොට ඇත.
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එළිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි සඳහන් කරමින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කොට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර ඇති බවත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මැදිහත්වීම යටතේ සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් මඟින් පවුල් 1500 ක් පමණ මේ වන විටත් එම වනරක්ෂිතයට අයත් රක්ෂිත ප්‍රදේශය තුළ නැවත පදිංචි කරවා ඇති බවත් සඳහන් කොට ඇත.
මෙම අනවසර නැවත පදිංචි කිරීම් හේතූවෙන් ජාතින පාරිසරික පනත උල්ලංඝනය වන බවත්, වියළි කලාපයට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍ය වාසයට නුසුදුසු භූමි ප්‍රදේශයක් බවත් පවසන පෙත්සම්කරුවෝ පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම්, නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්ධුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විමසීමට නියම කෙරුණු අතර ඒ අතර ඊයේ මෙම පෙත්සම මෝසමක් මඟින් කැඳවනු ලැබීය.
මෙම රිට් පෙත්සම මෝසමක් මඟින් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය අමතමින් විල්පත්තු රක්ෂිතයේ මායිම් ප්‍රකාශයට පත් කරමින් 2012 ඔක්තෝබර් 10 වැනි දින නිකුත් කල අංක 1779/15 දරන ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පුද්ගලයින් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.
පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.
popular news
ගැමුණු Monday, 25 November 2019 06:59 PM
මේ අනවසර පදිංචිකරුවන් පදිංචිව සිටින්නේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති විල්පත්තු ජාතික උද්‍යානය හෙෝ විල්පත්තු උතුරු අභයභුමිය තුළ නොවේ. ඊට උතුරින් ඇති වන රක්ෂිතය තුළ. ඊට අදාල වන්නේ වන ආඥා පනත.
Reply : 3 8
Champa Tuesday, 26 November 2019 12:41 AM
එහෙම කොහොමද නීතිපතිට ඕනේ විදිහට විල්පත්තුවට අලුත් මායිම් දෙන්නේ? විල්පත්තුවේ අනවසරයෙන් පදිංචි කරපු සියලු දෙනා නැවත ඔවුන් හිටපු තැන්වලම පදිංචි කරලා විල්පත්තුවෙන් බලහත්කාරයෙන් ගත්තු සියලු ඉඩම් නැවත විල්පත්තු රක්ෂිතයට භාර දෙන්න ඕනේ. අවතැන් වුනා කියල දේශපාලකයෝ තීරණය කරපු මිනිස්සුන්ව මහා වටින රක්ෂිතයක් බලාත්කාරයෙන් එලි කරලා පදිංචි කරේ මොන නීතිය යටතේද? විල්පත්තු මායිම් වෙනස් කරන එක නෙමෙයි උත්තරේ. මේ අවතැන් වුනා කියන මිනිස්සු පහුගිය අවුරුදු 10ක් හෝ 20ක් පදිංචි වෙලා හිටපු ප්‍රදේශ මොනවාද කියල බලල ඔවුන් ඒ තැන වල පදිංචි කරලා නැවත මේ ඉඩම් රක්ෂිතයට බාර දෙන එක. මේවා මේ එක ජාතියකට විතරක් අයිති ඉඩම් නෙමෙයි. විල්පත්තු ඉඩම් මුළු මහත් ශ්‍රී ලංකාවේම අයිතියක්. අනිත් එක ගිය චන්දෙදි නැහැ මේ චන්දෙදි පුත්තලමේ ඉඳන් බස් සීයක් පුරවල චන්දදායකයෝ ඇරන් ගිහින් තියෙනව මන්නාරමට චන්දෙ දාන්න. නිකමට බැලුවොත් මේ මිනිස්සු ප්‍රමාණය චන්ද ප්‍රතිඵලයක්. මෙහෙම වුනේ කොහොමද? මෙවුනුත් අවතැන් වූවන්ද? නැත්තම් මොක්කුද?
Reply : 0 24
sidath Balachandra Wednesday, 27 November 2019 10:06 AM
මෙච්චර දැගලුවේ ඕක කරන්න ද ? නීතිපති දෙපාර්තමේතුවට කිසිම වනජීවී අග්න්ච පනත ගැන තේරුමක් නෙත්වෙන්නේ කොහොමද ? මේ සම්බන්දයෙන් කටයුතු කරන සංවිධාන වහාම වැඩට බැසිය යුතු මයි
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd