විධායක ජනපතිධුරය අහෝසි කිරීමට තවත් අවස්ථාව තිබෙනවා
විධායක ජනපතිධුරය අහෝසි කිරිමට වත්මන් පාර්ලිමේන්තුවට අවස්ථාවක් ඇති බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ කැමැත්ත අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසීය.
අද (11දා) පෙරවරුවේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ගැනීම අපි දැඩි ලෙස හෙළා දකිනවා. ඒ හරහාත් අපි කල්පනා කරන්නේ විධායක ජනපතිධුරයේ ඇති බලතල පිළිබඳවයි.
ඒ නිසයි අපි 2015 ජනපතිවරණය වෙලාවේ ප්‍රකාශ කළේ විධායක ජනපතිධුරය අහෝසි කිරිම ගැන.
මීළඟ ජනපති පැමිණ හැකි ඉක්මනින් විධායක ජනපතිධුරය අහෝසි කර ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් ඇති කරන්න.
මේ අවස්ථාවේදීත් පාර්ලිමේන්තුවේ හැකියාවක් තිබෙනවා විධායක ජනපතිධුරය අහෝසි කිරීමට. කැබිනට් මණ්ඩලය කැමතිවුණොත් පාර්ලිමේන්තුවේ අවංක දේශපාලඥයින් ඉදිරිපත්වුණොත් තුනෙන් දෙකක් හදා ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.”
popular news
-
Deepal Nirosh Thursday, 12 September 2019 06:04 AM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රධාන වශයෙන් වගකියන්නෙ තම බල ප්‍රදේශයේ ජනතාවට මිසක රටට නොවෙයි. රටේ බහුතර ජන මතය විධායක විධායක ජනාධිපති ක්‍රය රටට අවශ්‍ය බවයි. ඔබතුමාටත් මටත් ඔබකුමා හිතන විදිටය නායකතුමාටත් මේ ඡුරයට පත් වීමට නොහැකියාව වෙනම ප්‍රශ්නයක්. ඒක රටට ප්‍රශ්නයක් නොවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

