වනජිවි ඇමතිගේ නිල රථයේ ගැටි පුද්ගලයෙකු මරුට - දෙදෙනෙකු රෝහලේ
කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.
ඊයේ (16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුවි ඇත.
අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී නිල රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනුරාධපුර දෙසට ධාවනය වු ජිප් රථයේ ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු, පසු පැදිකාරිය හා දැරියක් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබේ.
තුවාලකාරිය හා දැරිය මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක්වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් වන පී.රංජන් කුමාර නැමැත්තෙකි.
සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.
කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


popular news
- 
                            rana Friday, 17 January 2020 09:52 AM ඕක කුමන්ත්‍රණයක්, අනේ පව් ඇමති තුමා , බය හිතුනද මන්ද ? අපරාදේ වාහනය, මේ මනුස්සය කාණුවට බහින්න දන්නේ නැද්ද ඇමති තුමෝ එනකොට ? Reply : 0 0 Don Friday, 17 January 2020 10:37 AM Is Gota not taking Chandrasena into custody like Patali ? and where are the bold Media people ? Reply : 20 0 denin Friday, 17 January 2020 11:55 AM සිද්දිය සම්බන්දයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්ත කියන්නේ රථය පදවපු පුද්ගලයා (රියදුරු) නොවෙයිද අත්අඩංගුවට ගත්තේ,චම්පිකගේ කේස් එක වගේ එකක් වෙයිද? Reply : 0 0 කපිල Friday, 17 January 2020 07:54 PM චම්පිකගේ කෙස් එකට වඩා බරපතලයි වගේ Reply : 0 0 Don Friday, 17 January 2020 08:10 PM මේ මිනී මැරුමට කවුරුත් මාංචු දාගෙන මාධ්‍ය රඟපෑමක් කරන්නේ නැද්ද? Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                