ලංකාව රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කළා
මේ වන විට ශ්‍රී ලංකාවම කොවිඩ් රෝගී ආසාදිත බල ප්‍ර දේශයක් ලෙස නම්කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කෙසේ වෙතත් ලංකාවෙම පෞද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍ර දේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරගෙන යා හැකි බවත් ඔහු පැවැසීය.
“මේ වන විට ශ්‍රී ලංකාවම රෝගී ආසාදිත බල ප්‍ර දේශයක් ලෙස නම් කර තිබෙන්නේ. එවැනි අවස්ථාවකදී කර්මාන්ත ශාලා වෙනත් සේවා සපයන ස්ථාන රජයේ කාර්යාල පෞද්ගලික කාර්යාල යම් යම් කොන්දේසි යටතේ පවත්වාගෙන යෑමට හැකියාව පවතිනවා.
ඕනෑම ප්‍ර දේශයක ආයතනයක් පවත්වාගෙන යනවානම් එම ආයතනයේ සිටින සේවකයන් සංඛ්‍යාව ප්‍ර දේශයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් නිර්දේශ කරනවා.
එම උපදෙස් අනුව සේවක සංඛ්‍යාව පවත්වාගෙන යා යුතුයි. සේවකයින් වැඩියෙන් සිටිනවානම් වැඩ මුර අනුව කටයුතු කළ යුතුයි.
සැම විටම, වරින් වර උෂ්ණත්වය පරීක්ෂා කරන්න ඕන, දුරස්ථභාවය පවත්වාගෙන යා යුතුයි. මුහුණු ආවරණ පැළඳිය යුතුයි. අත්සේදීමේ ස්ථාන ස්ථාපිත කළ යුතුයි.”
popular news
-
69lakshen ekek Friday, 16 October 2020 07:21 PM
mechchara kal poratalk thama dunne. Dan aththatama corona pathirena kota katin gold medal gahapu set ekama kedirigamakuth naha. Corona mardanaya kala kiyala loketama upades denna lahasthi una moda bayiyanwa andapu roththma naha. Yako 69lakshetama korona hadila.
Reply : 0 0
Brandix Saturday, 17 October 2020 04:58 AM
Corona asse wuwath ekadipathi viyarywata, janatha mudal rora kamata, janatha mardanayata para kapana 20ta erehiwa KALU KODI osawamu. Rata pura sama gedarakama.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

