රූපවාහිනියේ වෙනසකට ජනපති දිගින් දිගටම බාධා කළා
ජාතික රූපවාහිනිය දිගින් දිගටම පාඩු ලැබූ බවත් එයට විසඳුමක් ලෙස තමන් කළමනාකරණ වෙනසක් සිදුකිරීමට උත්සාහ කළත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එයට දිගින් දිගටම බාධා කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
පාඩු ලබන ජාතික රූපවාහිනීය පවත්වා ගෙන යාමට භාණ්ඩාගාරය මගින් ජනතාවගේ බදු මුදල් රු. කෝටි 4 මාසිකව වැය කරයි. මෙයට විසදුමක් ලෙස මා විසින් සිදු කිරීමට යෙදුණු කළමනාකරණ වෙනසට ජනපති විසින් දිගින් දිගටම බාධා කරන ලදී. මෙහි අවසන් ජවනිකාව වුයේ ජනපති අන්තනෝමතික ලෙස රූපවාහිනිය පවරා ගැනීමයි.
— Ruwan Wijewardene (@RWijewardene) September 10, 2019
popular news
-
Champa Wednesday, 11 September 2019 08:44 AM
මේ කරන්න හදන එකට නම් ජනාධිපති බාධා කරන්නම ඕනේ තමයි. චන්දයක් ළඟ එන වෙලාවේ රූපවාහිනියට අත තියන්න හදන එක නවත්තන්න ඕනේ. අනික දේශපාලකයන්ටත් කෝටි ගණන් ජනතාවගේ බදු මුදල් තමයි නාස්ති කරන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

