යාපනයේ ඉඩමකින් භූගත බංකරයක් හමුවෙයි
යාපනය උඩුප්පිඩ්ඩි ප්රදේශයේ වැසියෙකු විසින් ඉඩමේ වලක් හෑරීමට ගත් උත්සහයකදී පැරණි භූගත බංකරයක් තිබී ඊයේ (15) දින හමු වී ඇති බවට වැල්වැටිතුරෙයි පොලීසිය පවසයි.
උඩුප්පිඩ්ඩි ප්රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩමේ ඉදිකිරීමක් සඳහා පස් කපන යන්ත්රයකින් පොළව හෑරීමේදී පොළව යටින් කෝන්ක්රීට් කනු කිහිපයක් මතුවී ඇති අතර එම කනු ඉවත් කිරීමෙන් පසුව මෙලෙස භූගත බංකරයක් හමුවී ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
අදාල භූගත බංකරය 1986 වසරේ ඉදිකරන ලද්දක් බවට සාක්ෂි කිහිපයක් අනාවරනය වී ඇති අතර අදාල බංකරය පරික්ෂා කල වැල්වැටිතුරෙයි පොලීසිය විසින් සැක පල කර සිටියේ යුද සමයේදී එය කිසියම් පාර්ශවයක් විසින් ඉදිකරන්නට ඇති බවටය.
එමෙන්ම යුද සමයේදී ආරක්ෂක අංශ හෝ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් හෝ මෙලෙස භූගත බංකරයක් ඉදිකොට ඇති බවට සැක පල කරන අතර ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරන බවටද වැල්වැටිතුරෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

