මුලතිව් වෙරළෙන් මොර වරල් කිලෝ 854ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මුලතිව් පුදුමාතලන් ප්රදේශයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලිමකදි දුර්ලභ වූ මෝර වරල් කිලෝ 854 ග්රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුදුමාතලන් ප්රදේශයේ සිදු කළ වැටලිමකදි අදාළ මෝර වරල් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මෝර වරල් තොගය අධිශිතකරණය කරන ලද ලොරියක් තුළ ප්රවාහනය කිරීමට සුදානම් කර තිබියදි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 48ක් වන මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා, මෝර වරල් සහ ලොරිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්යක්ෂ වෙත භාර දිමට කටයුතු කරන ලදී.
මෙම මෝර වරල් ලබා ගැනීමට විශාල ලෙස මෝරුන් ඇල්ලීම හේතුවෙන් මෝර විශේෂ වඳ වී යෑමේ තර්ජනයකට ලක් වි ඇති අතර, මෝර වරල් ලබා ගැනීම සඳහා ලෝකය පුරා මෝරුන් විශාල ප්රමාණයක් මරා දමනු ලබයි.
එමෙන්ම මෝර සුප් සඳහා මෝර වරල් හා සම්බන්ධව පවතින මාංශ පේශියේ කාටිලේජීය කොටස යොදා ගන්නා බැවින් අල්ලාගන්නා මෝරුන් ප්රධාන වරල් කපා සාගරයේදීම ඉවත් කර ගැනීමට ධීවරයන් කටයුතු කරන අතර, වරල් ඉවත් කර ගත් පසු මෝරුන් නැවතත් මුහුදට මුදාහරින අවස්ථා ද ඇත.
තවද, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් වඳවි යන මෝර විශේෂයන් ලෙස සැලකෙන මිණිමුතු මෝරා, පොල්කොල මෝරා සහ කස මෝරා යන මෝර විශේෂයන් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

popular news
-
Champa Thursday, 27 June 2019 10:14 AM
මෝර වරල් වලට ලොකු මිලක් ගෙවනවා. ඒ හින්දයි මෙහෙම කරන්නේ. අනික අර කතාව ඇත්ත. මෝරව අල්ලාගෙන වරල් ටික කපාගෙන ආපහු මුහුදට දානව. පව්. සියලු මෝරුන් ඇල්ලීම සහ මෝර වරල් විකිණීම තහනම් කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

