මැදපෙරදිග සහ ඉන්දියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
මැදපෙරදිග රටවල් 02ක සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන අතර තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 267 දෙනෙකු මැදපෙරදිග , ඉන්දියාව සහ එංගලන්තය වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස අතුරින් 290 දෙනෙකු විවිධ ප්‍රශ්න වලට ලක් වී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ රැගෙන එන ශ්‍රී ලාංකිකයන් වන අතර , ඉතිරි 121 දෙනා විවිධ රටවල රැකියා වලට ගොස් කොරෝනා ආසාදිත තත්වය නිසා ගුවන් ගමන් සීමා කිරීම නිසා එම රටවල කොටු වී සිටි , මෙරටට පැමිණීමට රජයෙන් විශේෂ අවසරය ලබා ගත් ශ්‍රී ලාංකිකයන් වේ .
ඒ අනුව කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එම රැකියා අහිමි වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින උදෑසන 6.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත එම පිරිස පැමිණීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්.පරීක්ෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂණ මොවුන් වෙත සිදු කළහ .
ඉන්පසු මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රජයේ මධ්‍යස්ථාන වෙත කැදවා ගෙන ගොස් තිබුණි .
එසේම අද දින අලුයම 12.45 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු ශ්‍රී ලංකාවට යළි පැමිණීමට රජයෙන් අවසර ලබා ගෙන අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අද දින අලුයම 4.45 ට ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත රැගෙන චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1026 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙසේ රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සියලුම ශ්‍රී ලාංකික ගුවන් මගීන් කොළඹ ආසිරි , නවලෝක සහ ලංකා යන පෞද්ගලික රෝහල් වල කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර තිබුණි .
ඉන්පසුව මෙම පිරිස නීරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබුණි .
එසේම එංගලන්තයේ ලන්ඩන් බලා 07 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි වෙත 48 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත 23 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 103 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 51 දෙනෙකු ද , මාලදිවයින මාලේ වෙත 35 දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

