මැකෝ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙයි
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතාට දැනුම්දී ඇතැයි කථානායක කාර්යාලය නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කර ඇත්තේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස බවයි.
විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නායකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරිම සඳහාත්, ඉදිරියේදී එළඹන තීරණාත්මක මැතිවරණ ප්රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවයි.

popular news
-
Deepal Nirosh Friday, 29 November 2019 01:33 PM
එතකොට අන්තරස්දහනය වුණු පළාත් දබා මැතිවරණ ටිකට මොකද වෙන්නෙ? කරුණාකරල මහ මැතිවරණය හා පළාත් සභා මැතිවරණත් නියමිත පරිදි පවත්වා ඉවත් වුණොත් නේද රටට හොඳ?
Reply : 0 0
Champa Friday, 29 November 2019 04:50 PM
හොඳයි කියපු විදිහට ඉල්ලා අස්වීම. දැන් මේ තනතුර දෙන්න ඕනේ "සක්‍රිය රාජ්‍ය සේවයේ නියුතු, අපක්ෂපාති රජයේ නිලධාරියෙකුට secondment එකක්" විදිහට. ඒ මොකොද කිව්වා නම් ඔහු හෝ ඇය සක්‍රිය රාජ්‍ය සේවයේ නියිතු නිසා වගකීමෙන් වැඩ කරන නිසා සහ වරදක් කලොත් දඬුවම් දිය හැකි නිසා. මැකෝ අපක්ෂපාත නැහැ. ඔහු විවිධ රාජ්‍ය සහ පෞද්ගලික උත්සව වලට සහභාගී වුනා. ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කිව්වා. තව තැනක දැක්ක 2025 ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා (?) කියල. ස්වාධින නම් මෙහෙම කරන්න බැහැ. විෂයට අදාළ නොවෙන බොහෝ දේ මැකෝ කිව්වා. සක්‍රිය රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරියෙක් මෙතන හිටිය නම් කතාවේ සහ ක්රියාවේ වගකීමක් තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

