මධ්‍යම පළාතෙන් කොවිඩ් ආසාදිතයින් 235ක්
මධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 235 දෙනෙකු අද පෙරවරුව දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 129 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 37 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 69 වශයෙන් එම රෝගීන් 235 දෙනා වාර්තා වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් රෝගීන් 15 දෙනෙකු වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්රක්කයෙන් ආසාදිතයින් 12 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙකු වශයෙන් එම පිරිස වාර්තා වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් 129 දෙනාගෙන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණය 33ක් වෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ආසාදිතයින් 69න් වැඩිම ආසාදිතයින් වාර්තා වි ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණය 21 ක් බවද සෞඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
