බලහත්කාරයෙන් හෝ අනවශ්‍ය ලෙස අලුත් ආගමික මධ්‍යස්ථාන හදන්න බෑ - අගමැති
කිසිඳු අවස්ථාවක බලහත්කාරයෙන් හෝ අනවශ්‍ය පරිදි හෝ අලුතින් ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීමට රජය අනුබල නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල වික්‍රමසිංහ මහතා පැවසීය.
අද (15) පෙරවරුවේ යාපනය ආදීනම් කෝවිලේ දී යාපනය ආදීනම්තුමා ප්රමුඛ හින්දු පූජක පක්ෂය හමුවූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
දැනට පවතින සියලු ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කරලීම උදෙසා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් සපයන බවත් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතාවන් වෙතොත් නව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
විවිධ ආගම් අතර වර්තමානයේ තැන තැන ඇති වී ඇති දුරාවබෝධයන් දුරුකරලීම ආගමික සභාවට පවරන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට ආගමික සිද්ධස්ථාන සංරක්ෂණ පිළිබඳ නියාමනයන් සකස් කිරීමේ වගකීමද ආගමික සභාවට නිල වශයෙන් ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
යුද්ධයෙන් විනාශ වූ කෝවිල් යළි ඉදිකිරීම් සඳහා ලබන අයවැයෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

popular news
-
bandara Wednesday, 28 August 2019 08:25 AM
අනේ මෙයට සිවුරක් නම් පොරවන්න එපා. යටට අන්දන්න එපා, සරම අඳින්න දන්නේ නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

