පොලීසියට කුණු සුද්ද කරන්න කියලා නෑ - අගමැති
පොලීසියට කුණු කසළ සුද්ධ කිරීමට උපදෙස් දී ඇතැයි පැවැසෙන තොරතුරු අසත්‍යක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
පොලීසියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
දිවංගත අනුුරුද්ධ රත්වත්තේ මහතාගේ දානමය පිංකමකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"පරිසර පොලීසියට වගකීමක් තිබෙනවා කුණු සුද්ද කරලද කියලා බලන්න. කුණු සුද්ද වෙලා නැත්නම් ඒවා කරවන්න ඕන. කම්කරුවෝ ලවා ඒ වැඩේ කරවනවා. එහෙම නැතිව ඒක පොලීසියේ රාජකාරියේ කොටසක් නෙමෙයි.
ඒක අපි බොහොම පැහැදිලිව පැහැදිලි කර තිබෙනවා. වගකීමක් පිරිසිදු කරන එක නෙමෙයි. කරලද බලන එක. සමහර අවස්ථාවලදී ශ්‍රමදාන කරනවා. ඒකයි මේකයි අතර වෙනසක් තිබෙනවා. මේ කථාව මටත් ආරංචි වුණා. ඒක බොරුවක්”
popular news
-
Champa Monday, 02 December 2019 07:25 PM
මිනිස්සු කියනව පොලිසිය බයට කුණු කසල සුද්ධ කරනවා කියල කුණු තිබ්බොත් දෝෂාරෝපණය තමන්ට එයි කියල. පැහැදිලි ප්‍රතිපත්තියක් මත පිහිටලා පොලිසිය සහ හමුදාව රටේ සංවර්ධනය ක්‍රියාවලියට සහ විවිධ මානුෂික ක්‍රියාකාරකම් වලට දායක කරවා ගැනීමේ කිසිම වැරැද්දක් මම දකින්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ඒ හරහා රජයට විශාල මුදලක් ඉතිරි කර ගන්න වගේම ඉක්මනින් දේවල් කරගන්නත් පුළුවන් නිසා. නමුත් කසල ඉවත්කිරීම කියන්නේ සම්පූර්නයෙන්ම වෙනස් දෙයක්. මේක වෙනත් ආයතනයකට අයත් routine වැඩක්. ජනාධිපතිවරයා මේක තේරුම් ගන්න ඕනේ. මේක මේ පරිසර පොලිසියට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පරිසර පොලිසිය තියෙන්නේ එදිනෙද ඉවතට දමන කුණු කසල හරියට ගෙනියනවද කියල බලන්න නෙමෙයි. පරිසර පොලිසියේ රාජකාරී සම්පූර්නයෙන්ම වෙනස්. අලුත් ආණ්ඩුව මේ වැඩේ පටන් අරන් තියෙන්නේ මුලින් නෙමෙයි අගිස්සෙන්. මුලින් පටන් ගත්ත නම් මේ විදිහට පොලිසියට Garbage Oveerseer වැඩේ කරන්න ඕනේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

