පාලිත තෙවරප්පෙරුම මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වෙයි?
මතුගම බන්දු තඹවිට
එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම මැතිවරණ අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසයි.
අද කළුතර පොලිස් අධිකාරි කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
මියගිය තම පුතනුවන්ගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් තම බිරිඳව තල්ලු කිරීම නිසා ඇය මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ,ඒ පිළිබඳව කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරී වරයාට පැමිණි කිරීමට පැමිණි බවත් පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.
මෙම මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන් ගෙන් හිරිහැර සිදුවන බවත් තම බිරිඳ සහ පුතනුවන් එම හිරිහැර නිසා පීඩාවට පත්ව සිටින බවත් මේ සියලු හිරිහැර සිදුවන්නේ තමා දේශපාලනයේ නිරතවීම හේතුවෙන් බවත් එම නිසා ඔවුන්ගේ ජීවිත වල වටිනා කම තේරුම් ගනිමින් තමන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කල බවත් දේශපාලනයෙන් ඉවත්වී දරුවා සහ බිරිඳ බලාගෙන ජීවත් වන බවද පැවසීය.
මේ පිළිබඳව සහකාර මැතිවරණ කොමසාරිස් වරයා හමුවී සාකච්චා කරන බවත් ,තමාට කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සමග ගැටලුවක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බවත් තමන්ට සිදුවන මේ ගැහැට වලට හේතුව සමගි ජන බල වේගය යැයි තමන්ට සිතෙන බවත් අද උදැසන තමන් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා හමුවූ බවද මෙම තීරණය ඒ අනුව ගත් බවද තමාට එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රම සිංහ මහතා පිළිබඳව කිසිම කල කිරීමක් නිසා මෙම තීරණය නොගත් බවද වැඩිදුරටත් පැවසීය.
තම පුතුගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබු පුවරුවක් ඉවත් කිරීමට 06 වනදා රාත්‍රියේ පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන්ගේ තල්ලු කිරීමට ලක්ව තම බිරිඳ නාගොඩ රෝහලේ අංක 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් එම සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීමට කළුතර පොලිස් අධිකාරී වරයා වෙත පැමිණ පැමිණිල්ලක් දැමු බවද වැඩිදුරටත් පැවසීය.

popular news
-
Demuni Uduwara Wednesday, 08 July 2020 02:14 AM
Don't resign; you should be in the Parliament and with the people, as well.
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

