ප්‍රශ්න ඉවරයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇති විම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේදි සාකච්ජා ඇතිවිය. එහිදී ඇතැම් ගැටුම්කාරි තත්ත්වයන් මතුවි තිබුණි. නිරන්තරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනි සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානයක මහතා මෙම සන්ධානය සම්බන්ධයෙන් කෙසේ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව දේශපාලන කේෂේත්රයේ බෝහෝ දෙනෙකුගේ කතාබහට ලක් විය.
පැවති ගැටලුකාරි තත්ත්වයන්ගෙන් මිදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රථම මංගල රැළිය අද අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන අතර එම අවස්ථාවේදි දුමින්ද දිසානායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම රැළිය ඇමතිමටද බලාපෙරෝත්තුවෙන් පසුවෙයි. වාදභේද පසෙකලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් , පොදුජන පෙරමුණත් එක්ව අලුත් ගමනක් යාමට සුදානම් වන බව මෙයින් හැඟේ.

popular news
-
Mahesh Thursday, 10 October 2019 09:21 AM
හරක් ඉන්න රටක සිංහයෙක් රජවෙන්නෙ නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
