නව යුද හමුදා මුලස්ථානය හෙට ජනපති අතින් විවෘත වේ
අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කෙරේ.
යුධ, නාවික සහ ගුවන් යන ති‍්‍රවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදි කෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ති‍්‍රවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනය.
මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරිම් කි‍්‍රයාත්මකය.
අතිනවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අතිනවින තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීමෙන් මෙහි ඉදිකිරීම් කඩිනම් කෙරුණු අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ති‍්‍රවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය හෙට ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුණු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇත.








popular news
-
Mahasen Friday, 08 November 2019 09:06 AM
ඔන්න ගෝටට බැන්නට දැන් කොහොමද මේ වැඩේ!.
Reply : 0 0
Champa Friday, 08 November 2019 04:34 PM
මේවා දේශපාලකයන්ගේ මානසික ලෙඩ. ඇමරිකාවේ පෙන්ටගන් එක වගේ කරන්න. දැන් මේකේ නඩත්තුවට මාසෙකට යන වියදම කීයද? රුපියල් බිලියන් පනස් ගානකින් රජයට ආදායමක් ලැබෙන ලොකු ව්‍යාපෘතියක් කරන්න තිබ්බ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

