දකුණු ආසියානු තරගාවලියට යන ක්‍රීඩකයන් නේපාලයේදීම සාපෙළ ලියයි
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන සිසුන්ට නේපාලයේ දී ම සාමාන්‍ය පෙළට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සිසුන් 7 දෙනෙකුට මෙසේ නේපාලයේ සිටම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාව තිබේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද සහාය ඇතිව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණය වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නීතීරීතිවලට යටත් ව, රහස්‍යභාවය, විශ්වසනීයබව හා ආරක්ෂාකාරීබව පවත්වාගනිමින් ශ්‍රී ලංකාවේ එම විභාගය පැවැත්වෙන වේලාවට අනුරූපව මෙම සිසුන් සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පියවර ඇත.
ඒ වෙනුවෙන් නේපාලය බලා පිටත්ව යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් මෙම විභාගය සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන බවත් එම නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශපත් හා නවාතැන් සඳහා වියදම් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දැරීමට එකඟ වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

popular news
-
සකලබුජං Saturday, 09 November 2019 07:16 AM
තේරුමක් නැති නාස්තියක්.මතකනේ පසුගිය වසරේත් ඔය වැඩේම කලා.විභාග දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට ගමන් වියදම් සංයුක්ත දීමනා.නවාතැන් ගාස්තු මේවා ජනතා මුදල්.පසුගිය වසරේ සිසුවාත් විභාගය අසමත් වුනානේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

