ජුනි 20දාත් මැතිවරණය බෑ - මැකොස ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
පවතින තත්ත්වය යටතේ ජුනි 20 දා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් තෙවැනි දිනයටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී මැතිවරණ කොමිෂම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් සෞඛ්‍ය අංශ වෙතින් ලැබෙන තෙක් මැතිවරණයක් පැවැත්විය නොහැකි බවද සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිෂම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් පැවැසීය.
මැතිවණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය අංශ වෙතින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණ වහාම මැතිවරණය පැවැත්වීමට අදාළ පියවර ගන්නා බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
popular news
-
Don Wednesday, 20 May 2020 03:14 PM
EC knows simple arithmetic. On the 20th April when EC declared the day for elections, the number of confirmed COVIDs 268. Today, exactly after one month the number is 1027, with average more than 25 new cases a day. so EC is right that it is extremely dangerous to have an election.
Reply : 0 2
Demuni Uduwara Wednesday, 20 May 2020 04:14 PM
Ground conditions don't permit to have an election at this moment although power greedy politicians to expedite it.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

