ජනපතිගේ ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා - රුවන් විජයවර්ධන

රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශ යටතට පත්කරගත්තේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙන් කුමන්ත්‍රණයක් සිදුකිරීමට දැයි සැක මතුවන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (11දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
යුද්ධයක් පැවැති සමයේදීවත් රාජ්‍ය ජනමාධ්‍ය ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා නොගත් බවත්, ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඒ මහතා පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා,
ජාතික රූපවාහිනී ආයතනය ආරක්ෂක අංශයට පවරාගැනීමේ ක්‍රියාව මම තරයේම හෙළා දකිනවා. එයට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය වැඩකටයුතු කරන ආකාරයත්, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩකටයුතු කරන ආකාරයත් මම හොඳට දන්නවා. මේ දෙක එකතු කර ගන්න බැහැ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතනයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ගන්නවා කියන්නේ මේ රටේ ප්රජාතන්ත්රවාදයට ප්‍රශ්නයක්. ඒ වගේම මාධ්‍ය නිදහසටත් එය ප්‍රශ්නයක්.
මම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත්තාට පසුව රූපවාහිනී සංස්ථාව සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වලදී එහි විශාල කඩාවැටීමක් දැක්කා. රූපවාහිනියේ කඩාවැටීම නිසා එය දැන් තිබෙන්නේ අංක 06 වැනි ස්ථානයේ. ඒ වගේම වැටුප් ගෙවන්නට විටින්විට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලලා තිබෙනවා. භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කරනවා කියන්නේ එය ජනතාවට බරක්. ඒ අවස්ථාවේදී මම ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට දැනුම් දුන්නා මේ කණ්ඩායම වෙනස් කරන්නට අවශ්‍යයි කියලා. මේ නිසා නම් 04ක් ඉදිරිපත් කළා. ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළා.
සුදර්ශන ගුණවර්ධන, ශාන් විජේතුංග, සංජීව විජේගුණවර්ධන සහ කැලුම් පාලිත මහීරත්න යන මහත්වරුන්ව වරින් වර පත් කළා. නමුත් මේ සියල්ලම ප්‍රතික්ෂේප කළා. අවසන් වරට කැලුම් පාලීත මහත්මයාව පත්කළ විට තමයි මේ විදිහට රූපවාහිනිය ජනාධිපතිතුමා පවරාගත්තේ. නමුත් විෂයභාර අමාත්‍යවරයා විදිහට මටවත් ජනාධිපතිතුමා ඒ ගැන දැනුවත් කළේ නැහැ. මෙය රටේ ප්රජාතන්ත්රවාදයට සහ මාධ්‍ය නිදහසට පහරක් ලෙසයි මම දකින්නේ.
රූපවාහිනී සංස්ථා පනත පවරාගනිද්දී රූපවාහිනි පනතත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන්නේ. ඒ කියන්නේ රූපවාහිනී ආයතන සියල්ලගේම බලපත්‍ර අලුත් කරන්න වෙන්නෙත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි ජනාධිපතිවරයෙන් රජයේ රූපවාහිනී ආයතනයන් ආරක්ෂක අමාත්‍යාංශයට පත්කර ගත්තේ. යුද්ධය තිබුණු කාලයේදීවත් එහෙම දෙයක් වුණේ නැහැ.
හෙට අනිද්දා ඡන්දයක් එන්න තිබෙනවා. මේ ඡන්දයක් එන්න තියෙද්දී තමයි මේ ආයතනය පවරාගන්නේ. ඒ වගේම පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුවුණ කුමන්ත්‍රණය වගේ කුමන්ත්‍රණයකට ලැස්තිවෙනවාද කියලා අපට සැක මතුවෙනවා. එය රටට විශාල ගැටලුවක්. මේ නිසා එයට අපි අදත් හෙටත් විරුද්ධ වෙනවා* යනුවෙන් පැවසීය.
popular news
-
Thilak Samaraweera Thursday, 12 September 2019 07:55 AM
ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළා දැක මදි නීති මාර්ගයට යන්න.
Reply : 10 0
Champa Sunday, 15 September 2019 06:34 PM
මොකක්ද අනේ ඔච්චර පිළිකුල් වෙන්න කරලා තියෙන්නේ? මාගම්පුර වරාය චීනෙට විකුණන කොට පරගැති අගමැති ගැන ඔය පිළිකුල දැනුනේ නැත්තේ ඇයි? කොළොඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවටයි ජපනේටයි විකුණන කොට පරගැති අගමැති ගැන ඔය පිළිකුල දැනුනේ නැත්තේ ඇයි? තව ඕනේ නම් දිග ලිස්ට් එකක් ලියන්න පුළුවන්.
Reply : 0 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

