ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ල හමුවේ අද (11දා) විභාගයට ගත්තේය.
එහිදී විනිසුරු මඬුල්ලේ වැඩි ඡන්දයෙන් අභියාචනය ප්‍රතික්ෂේප විය
මේ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද හැකියාවක් ලැබෙයි.

popular news
-
lion Wednesday, 11 September 2019 01:59 PM
මොහු මෙරට නායකයා වෙන්න අපේ චන්දෙ ඉල්ලනවා .අපිට අවශ්‍ය අවංක ගුණ ගරුක මිනිසෙක් .මොකද්ද මේ ලජ්ජා නැති වැඩේ නඩුවට පෙනී නොසිට මේකරන අපරාදේ.
Reply : 0 1
Dayan Wednesday, 11 September 2019 02:05 PM
නිර්දෝෂ නම් නඩු විබාගයට බය මොකද? මේ වෙනකොට නඩුව මග හරින්න කීයක් නම් ජාති කලාද?ජනාධිපති කමට සුදුසුය් මෙරටේ මිනිස්සු බලන සුදුසුකම් වලට අනුව.
Reply : 0 16
චමින්ද Wednesday, 11 September 2019 03:29 PM
චෝදනා නිවැරදිනම් පෙළගැස්ම කොහොම තිබුනම මොකද.මට හිතෙනවා පෙළගැස්ම වැරදියි කියන්නේ චෝදනා නිවැරදියි කියනවා වගේ අදහසක් කියල
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

