කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හැෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් කඳාන පුබුදුගම ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගැනීමට කඳාන පොලීසියට හැකිවිය.
ඊයේ (18) පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව පූබුදුගම ප්‍රදේශයේ නිවසක් වැටලීමේදී එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා හැෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4.5 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ලංකාවට මෙම මත්ද්‍රව්‍ය තොග රැගෙන එන බව කඳාන පොලීසිය පවසයි.
කඳාන පොලීසියේ බුද්ධි තොරතුරු ඒකකයට ලැබුණු තොරතුරක් අනුව පුබුදුගම නිවස වැටලීමේදී මත්ද්‍රව්‍ය සකස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මීට සතියකට පමණ ඉහතදී පුබුදුගම නිවස කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරම ආරම්භ කර ඇත
මොවුන් මත්ද්‍රව්‍ය බස්නාහිර පළාත පුරා බෙදාහැරීමේ කටයුතු කරන අතර මැදියන් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි අන්තෝනි ජේසුදාසන් හා බාලචන්ද්‍රන් සුරේන්ද්‍රන් නැමති සැකකරුවන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දහනම වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                