ආණ්ඩුවේ තුවක්කුවක් පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය මගේ පාලනයයි - ජනපති
ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බවත් ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18දා) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.
2015 ජනවාරි 08 වනදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් පැවති පාලනයට එරෙහිව ඡන්දය භාවිත කළේ එම නිදහස සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා පවසා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම යුගයේ ප්රමුඛ අවශ්‍යතාවය වී ඇති බවත්, එම ගැටලුවට විසඳුම් සෙවීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවත් ජනපතිවරයා පැවැසීය.
ඉදිරියේ දී කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ ජනතාව පීඩාවට පත්වන සියලු කරුණු වෙනස් කිරීමට කැපවීම බවත් රටට ගැළපෙන ආර්ථික සහ දේශපාලන ක්‍රමයක් මෙන්ම කිසිදු රටකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක් සහ රටේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට කැපවීම ඔවුන්ගේ මූලික ප්‍රතිපත්ති විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වර්තමානයේදී නිදහසේ කතා කිරීමට පමණක් නොව ව්වේචන, චෝදනා පමණක් නොව අපහාස කිරීමට ද අවස්ථාව හිමිව ඇති අතර මීට පෙර සිටි නායකයන්ට එවන් අපහාස සිදුකළා නම් එම පිරිසට අත්වන ඉරණම ඉතා ඛේදජනක වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

popular news
-
Champa Sunday, 18 August 2019 07:20 PM
වහල් ආණ්ඩුව අනිත් මොන වැරදි, දේශද්‍රෝහී වැඩ කලත්, කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දුන්න කියන එක නම් අකමැත්තෙන් වුනත් පිළිගන්න ඕනේ. 2010 - 2015 කාලේ මිනිස්සු මොන තරම් පීඩනයෙන් ජීවත් වෙලා තියෙනවද කියල දැන් දැන් මිනිස්සු කතා කරනවා. හැබැයි 2010 - 2015 කාලේ ඒ නිදහස නැති වුනාට 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිතුමා ඒ නිදහස දුන්න. ඔබට ජනාධිපති වෙන්න මාර්ගය පාදපු අදහස් ප්‍රකාශ කිරීමේ ඒ නිදහස නැවත උදුරා ගන්නේ නැතුව තිබ්බ එක ගැන මම හිතනවා දැන් මිනිස්සු සතුටු වෙනවා කියල. ලංකාවේ මිනිස්සු ගෝඨාභය ජනාධිපති කරගෙන නැවත 2010 -2015 යුගයට යන්න කැමති වෙයි කියලා නම් මම මොහොතකටවත් හිතන්නේ නැහැ. එයා උඩින්ම පරදිනවා.
Reply : 0 0
sam Monday, 19 August 2019 09:32 AM
එතකොට අර ගාල්ලේ ලෙඩ උන ළමය බලන්න ඉස්කෝලෙට ගිය පියාට වෙඩි තියල මරල දැම්මේ වෙන කගේ වත් කලෙදේ. ජනදිපතිකම නැතිවෙන්න කිට්ටු වෙන කොට මෙයට පකන්සි ලෙඩේ හැදිලා. අනේ මෙහෙම ජෝකර් කෙනෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

