අප්‍රිකාවේ කාන්තාර පළඟැටියන් ලංකාවට පැමිණීමේ අවදානමක්

අප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පළගැටියා පිළිබඳ විස්තර හා වගාවලට හානි සිදු කරන ආකාරය පිළිබඳ අද (17දා) දින සිට ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
සමූහ වශයෙන් මෙම පළඟැටියන් ගැවසෙන බවත්, ඔවුන් ගස්වල පොතු, කොළ හා ඵලදාවට විශාල ලෙස හානි සිදුකරන බවත් ඔහු පවසා සිටියේය.අප්‍රිකාවෙන් වාර්තා වන පළඟැටියන් මේ වනවිට ඉන්දියාවෙන්ද වාර්තා වී තිබෙන නිසා සුළං මගින් ලංකාවට පැමිණීමේ අවදානමක් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
විශාල රංචු වශයෙන් පළඟැටියන් වාර්තා වන්නේ නම් වහාම ඒ පිළිබඳ ප්‍ර‘දේශයේ කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කරන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.
popular news
-
Kumar Friday, 21 February 2020 08:58 AM
මේ පළගැටි ලංකාවට පැමිණියොත් ගොවියන්ට අවාසියි වුනත් කුරුල්ලන්ට නිරාහාරව ඉන්න සිදුවෙන එකක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

