අගමැතිගේ ඉන්දීය සංචාරයේදී පවුලේ අයට රජයේ මුදල් භාවිත කළේ නෑ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකළ ඉන්දීය සංචාරයේදී ඔහුගේ පවුලේ උදවිය එයට එක්වුණත් රජයේ මුදල් භාවිත කිරීමක් සිදුවූ බවට තමන් විශ්වාස නොකරන බව සම කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙවැනි සංචාරයකදී දූත පිරිසට පවුලේ උදවිය එක්විය හැකි නමුත් ඔවුන්ගේ ගුවන් ටිකට් පත් ඇතුළු වියදම් ඔවුන් පුද්ගලිකව දරණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වර්තමාන ආණ්ඩුව වියදම් පාලනය කිරීමේ අරමුණින් විදේශ සංචාර කපා දමා ඇති බවත් ඔහු පැවැසීය.
ගතවූ කාලයේදී තමන් විදේශ සංචාර තුනකට එක්වූ බවත් එහිදී රජයේ මුදල් භාවිත කිරීමක් සිදු නොවූ බවත් එම වියදම් ආරාධිතයන් විසින් දැරූ බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
එසේම සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසුවේ තමන්ට විදේශ සංචාර තුනකට ආරාධනා ලැබුණත් එම සංචාර තුනටම එක්නොවූ බවයි.

popular news
-
Don Thursday, 13 February 2020 09:17 PM
බල්ලගෙන් ඇහුවම බූරුවා උත්තර දෙනවා.
Reply : 0 0
Chan Friday, 14 February 2020 09:10 AM
මෙයාල එතකොට වියදම් කරන්න සල්ලි හොයාගත් විදිය කියන්න ඕන නේද? මැණික් මුට්ටියක් වත් හම්බුනා කියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

